IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මාතලේ මරණ 10යි: දෙකක් අතුරුදන්

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති  කාලගුණික තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර කාලයේ  පුද්ගල මරණ දහයක් වාර්තා වී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව පුද්ගලයන් 1040 ක් අවතැන්ව ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි එම් .එස් .කේ වික්‍රමනායක මහතා පැවසීය.

බෝවතැන්න ඉබ්බන්කටුව කලා වැව ජලාශවල යම් මට්ටමකින් ජල ප්‍රමාණය අඩුවක් පැවතිය ද කණ්ඩලම ජලාශයේ ජලය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා  පැවසීය.

කණ්ඩලම ජලාශයෙ වාන මතින් වාහන ගමන නවතා තිබුනද අණ නොතකා බස් රථ ධාවනය කිරීම බරපතල ප්‍රශ්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

ජීවිත අනතුරු අවම කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් තමන් ඇතුළු කාර්යය මණ්ඩලය දරමින් සිටියදී කිසිදු ඉවක් බවක් නොමැතිව ඇතැම් අය ක්‍රියා කිරීම හේතුවෙන් ජීවිත අවදානමක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

උදෑසන වන විට කණ්ඩලම වැවේ විශාල ජල ප්‍රමාණයක් කලා වැව ටීම ගලා බසින බව ඒ මහතා පෙන්වා දුන් අතර ඇතැම් කණ්ඩායම් ජලය නැරැඹීම සඳහා පැමිණෙන බවද පෙන්වා දුන්නේය.

දඹුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ කුමාර ඇල්ල ප්‍රදේශයෙන් අඹන් ගඟ හරහා වැටී ඇති පාලම් දෙකම ගිලා බැස මාර්ගය සම්පූර්ණයෙන්ම කඩාගෙන ජලයට ගසාගෙන ගොස් තිබීම නිසා එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

ඊට අමතරව මොරගහකන්ද ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම මොරගහකන්ද ජලාශය ඉදිරිපිට දී කඩාගෙන යෑම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇත.  මේ හේතුව නිසා විල්ගමුව සහ ලග්ගල ප්‍රදේශවලට ගමන් කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය සහ ආපදා තත්ත්වයන් රත්තොට පොලිස් වසමෙන් වාර්තා වන බවත් ඒ අනුව මරණ නවයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලග්ගල ප්‍රදේශයෙන් එක මරණයක් මෙන්ම රත්තොට ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදහන් වීම වාර්තා වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය නාවූල විල්ගමුව දඹුල්ල යටවත්ත ආදී ප්‍රදේශවල රැඳවුම් මධ්‍යස්ථාන විසි නවයක පුද්ගලයන් 1040 ක් මේ වන විට රැඳවුම් මධ්‍යස්ථානවල රැඳී සිටින බවද සඳහන් කළේය.



අදහස් (0)

මාතලේ මරණ 10යි: දෙකක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 225 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site