IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මගී බස්වලට උපදෙස් මාලාවක් නිකුත් කරයි

(අංජුල මහික වීරරත්න)

පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ හිමිකරුවන් සහ සේවක මහතුන් වෙත මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

එම උපදෙස් ගෙන දැඩි අවධානයක් යොමු කරන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඉල්ලා සිටී.

01. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මර්ග අවහිරතා පවතින අවස්ථා වලදී බස් රථය ධාවනය කරන විට පොලිස් මාර්ග බාධක යොදා ඇත්නම් එම ස්ථානයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ උපදෙස් තරයේ පිළිපදින ලෙස දන්වා සිටිමි.

02. ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මාර්ගය අපැහැදිලි ස්ථාන වලට බස් රථය ඇතුලු කිරීම කිසිදු හේතුවක් මත සිදු නොකරන ලෙස තරයේ දන්වා සිටිමි.

03. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කිරීමේදී බස් රථයේ ගමන් කරන මගීන් ඒ පිළිබඳව දැනුවත් කළ යුතු අතර, විකල්ප මාර්ග භාවිතා කිරීමේදි මගීන් ඔවුන්ගේ ගමනාන්තය කරා ගෙනයාමට නොහැකි අවස්ථාවක් ඇති වුව හොත්, ඒ පිළිබඳ දැනුවත් කර ඔවුන් ආසන්නතම ප්‍රධාන බස් නැවතුම් පොළට යොමු කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකම මගීන් නියමිත ගමනාන්තයට රැගෙන යාමට කටයුතු කරන ලෙසත් දන්වා සිටිමි.

04. වර්ෂා තත්ත්වය මත රිය ධාවනය කරන රියදුරන් බස් රථයේ වේගය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර කිසිදු ලෙසකින් අධික වේගයෙන් බස් රථය ධාවනය නොකරන ලෙසත්, අධිවේගී මාර්ග වල බස් රථ ධාවනය කිරීමේදී ලබාදී ඇති නියමිත වේග සීමාවන් වලට යටත්ව බස් රථය ධාවනය කරවීමටත් වග බලාගත යුතු බව දන්වා සිටිමි.

05. තවද විකල්ප මාර්ග භාවිත කිරීමේදී අධික වංගු සහිත මාර්ග, බෑවුම් සහිත මාර්ග සහ පටු මාර්ග වල ධාවනය කිරීමට සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ පරීක්ෂාකාරී වන ලෙස රියදුරු මහතුන්ට හා කොන්දොස්තර මහතුන්ට විශේෂයෙන් දන්වා සිටිමි.

06. මෙම අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුවද මගීන්ට ආරක්ෂාකාරී හා ගුණාත්මක පොදු මගී ප්‍රවාහන සේවාවක් ලබා ගැනීමට ඔබ කරනු ලබන කැපවීම අගය කරන අතර අවශ්‍ය සෑම අවස්ථාවකදීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සම්බන්ධ කර ගැනීමට අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 1955 හා සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වමි.



අදහස් (0)

මගී බස්වලට උපදෙස් මාලාවක් නිකුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site