
(ප්‍රියන්ත දසනායක)
මාතර දිස්ත්‍රික්කයට බලපෑ අයහයහපත් කාලගුණය, විටින් විට ඇදහැලෙන සුළු වර්ෂාව සමග හමා ආ දැඩි සුළගින් නිවාස 160ක් පමණ අර්ධ හානි සිදු වී ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසති.
මාතර දිස්ත්‍රික්කයට දවස පුරා දැඩි සුළං තත්ත්වයක් පැවැති බව ප්‍රදේශවාසීන් පවසති.
කෙසේවෙතත් නිල්වලා ගංගාව ප්‍රචන්ඩ වී මහා ජල කදක් ලෙස පිටබැද්දර ප්‍රදේශයෙන් ගලා යන ආකාරය දකින්නට ලැබුණෙ අතර කිසිදු ගංවතුර අවදානමක් නොමැති බව වාරිමාර්ග නිළධාරිහු කියති.
අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ ඕලකන්ද ප්‍රදේශයෙන් මාර්ගය හරහා වැටී තිබූ විශාල ගසක් ඉවත් කිරීමට කොටපොළ ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබුණි.
මේ අතර අතුරලිය, පානදුගම ප්‍රදෙශයටද උදෑසන හමා දැඩි සුළගින් නිවසක් මතට කොස් ගසක් කඩා වැටී ඇති අතර නිවැසියන් නිදා සිටියදී සිදු වූයේ නම් බරපතළ තුවාල සිදුවන බව නිවෙස් හිමි තිදරු මව අප සමග ප්‍රකාශ කළහ.
මේ අයුරින් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 311 ක පුද්ගලයින් 1083 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එය තව දුරටත් ඉහළ යා හැකි බවත් මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා කීය.

2025 නොවැම්බර් මස 21
187
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1142
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වැස්සෙන් මාතරටත් හානි