ශ්රීලනිපය සමඟ සාකච්ඡා අගමැතිකම හෝ විපක්ෂ නායකකම දෙනවානම් පමණයි අගමැති ධුරය හෝ විපක්ෂ නායක ධුරය දෙන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඊයේ (22) තීරණය කළේය. 23 November 2017
රත්රන් කැබලි 4ක් සමග ඉන්දීය ව්‍යාපාරිකයෙක් දැලේ රුපියල් 355,000 ක් වටිනා රත්තරන් කැබලි 04 ක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන ඉන්දීය ව්‍යාපාරිකයකු (45) කටුනායක ගුවන් තොටුපොළේ දී අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 23 November 2017
පස් මහල් ගොඩනැගිල්ලෙන් වැටී අයෙක් රෝහලේ හැටන් එම්.ආර් නගරයේ අනවසරයෙන් ඉදිකරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටි එම ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි පෙදරේරුවකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව හැටන් පොලිසිය පවසයි. 23 November 2017
ජපන් කථික තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට ජපානයේ පැවති අන්තර්ජාතික ජපන් භාෂා කථික තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබාගත් ශ්‍රී ලංකාව නියෝජනය කළ රවිඳු ඊෂාද් වික්‍රමසිංහ ඊයේ (22) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මව්බිම වෙත පැමිණියේය. 23 November 2017
රත්නපුරට නායයෑම් අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානම් ඇති බවට හඳුනාගත් ප්‍රදේශ ආශ්‍රිතව අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු ඉදිකර නායයාම් සම්බන්ධව පූර්ව දැනුම්දීමේ සන්නිවේදන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ රත්නපුර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ එච්.එස්.මුදිත මංජුල මහතා පවසයි. 23 November 2017
දැරියක අපයෝජනය කළැයි එස්අයි අත්අඩංගුවට බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත තංගල්ල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (22) රාත්‍රීයේ තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලෑබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 23 November 2017
‘පෙට්රල්වලට භූමිතෙල් කලවම් කරලා‘ නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්රල්වලට භූමිතෙල් කලවම් කර නිකුත් කරන බව වාහන හිමියෝ පවසති. 23 November 2017
2008 සිට බැඳුම්කර ගැන සොයන්න ඉල්ලීමක් බැඳුම්කර සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිට සියලූම තොරතුරු ඇතුළත් පොදු පරීක්ෂණයක් සිදු කරන ලෙස එ. ජා. ප පසුපෙළ මන්ත්‍රිවරු රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා අද (22) පැවසීය. 22 November 2017
අධිවේගයේ ගිය බස් රථයක ගින්නක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරට කිලෝ මීටර එකහමාරක පමණ දුරක් තිබියදී කඩුවෙල සිට මාතර බලා ගමන්ගත් බස් රථයක ගින්නක් හටගෙන තිබේ. 22 November 2017
බියර් මිල අඩු කිරීම ඉවත් කරනවා - කැබිනටි ප්‍රකාශක අය වැය ලේඛනය සම්මත කර ගන්නා අවස්ථාවේදී බියර් මිල අඩු කිරීමේ සහනය ඉවත් කරන බව කැබිනටි ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අද (22) ප්‍රකාෂ කළේය. 22 November 2017
මැතිවරණ කල්දැමීමට එරෙහිව ජවිපෙ සටනට සැරසෙයි වෙනස් දේශපාලන මතවාදයන් කොතෙක් තිබුණද ඒ සියල්ල පසෙක ලා මැතිවරණ කල්දැමීමට එරෙහිව සටන්කිරීමට ඔනෑම කෙනෙකු සමග වාඩිවීමටය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 22 November 2017
මාලකගේ ඇප කොන්දේසි ලිහිල් කරන්න ඉල්ලයි බ්‍රිතාන්‍ය ජාතික යුවළක පහර දීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වාට රාත්‍රී සමාජ ශාලාවලට ඇතුලුවීම වලක්වාලමින් අධිකරණයෙන් පනවා ඇති තහනම සහිත ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස අද (22) ඔහුගේ නිතීඥවරුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ඉල්ලීමක් කළේය. 22 November 2017
ප්රජාතන්ත්රවාදය ටිකෙන් ටික මැරෙනවා - නීතීඥ එකමුතුව රටේ ප්රජාතන්ත්රවාදය ටිකෙන් ටික මැරෙමින් පවතින බවට හොඳම උදාහරණය මැතිවරණ කල් දැමීම යැයි නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය. 22 November 2017
පුංචි ඡන්දය කල් දමනවාට හිටපු ජනපතිගේ විරෝධය හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 22 November 2017
භූගෝල පොතේ පාඩුව කෝටි 15ක් හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම නිසා රජයට රුපියල් මිලියන 155ක පාඩුවක් සිදුවී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. 22 November 2017
මහින්දගේ රියදුරු යුද හමුදා කපිතාන්ට ඇප හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) නියෝග කළාය. 22 November 2017
ජනපති 28 දකුණු කොරියාවේ සංචාරයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 28 වැනි දා තෙදින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. 22 November 2017
ඊපිආර්එල්එෆ් නියෝජිතයන් තමිල් අරසු කච්චි පක්ෂයට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානයේ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය හා එක් වෙමින් සිටින බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 22 November 2017
හොරට කාන්තාවන් රට යැවූ කතකට සිර දඬුවම් ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සහ වසර පහකට අත්හිටවූ මාස 6 ක සිර දඬුවමක් නියම කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය. 22 November 2017
‘ඊ නිවුස් තහනමට ජනපතිගේ සම්බන්ධයක් නෑ’ - කැබිනට් ප්‍රකාශක ලංකා ඊ - නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය. 22 November 2017
ගැසට් පත්‍රය පිළිබඳ ප්රශ්නය අධිකරණයට ගියේ ඡන්දය කල්දාන්නයි - පැෆරල් සීමා නිර්ණ ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නම් මීට පෙර වාරණයක් ගැනීමට තිබුණු බව පැෆරල් සංවිධානය කියයි. එමෙන්ම යම් ප්‍රශ්නයක් තිබුණේ නම් සීමානිර්ණ කමිටුව රට වටා යන අවස්ථාවේ ඒවා නිරාකරණය කර ගන්නට තිබුණු බවත් එසේ නොකර මේ අවස්ථාවේ අධිකරණය 22 November 2017
මොරගහකන්දේ ජලය වැව්වලට දෙන්නැයි ඉල්ලති මොරගහකන්දේ රඳවා ඇති ජලය වැව්වලට මුදා හරින්නැයි බලකරමින් පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසියෝ පිරිසක් අද (22) මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලයට පැමිණ ඉල්ලීමක් කළහ. 22 November 2017
වසර 22 කට පසු විත්තිකරු පෝරකයට මීරිගම,නාල්ල,ජම්බුගස්වත්ත ප්‍රදේශයේ දී එවකට 20 හැවිරිදි තරුණයකුට පිහියකින් ඇන ඝාතනය කළ විත්තිකරුවකුට වසර 22 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (22) මරණීය දණ්ඩනය නියම කළේය. 22 November 2017
වමේ කේන්ද්‍රයෙන් සුජීවට ප්‍රශ්න පත්‍රයක් පොලීසිය හා රහස් පොලීසිය බාර එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකුට බවත් නීතිපති හා අධිකරණය බාර එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකුටම බවත් එසේනම් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියන පරිදි අපරාධ ගැන සොයාබලන ලෙසත් වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පොරේරා මහතා පවසයි. 22 November 2017
විදේශ අධ්‍යාපනය - රැකියා විකුණූ වංචාකාරී කෝටිපතියා අත්අඩංගුවට බලපත්‍ර රහිතව විදේශ අධ්‍යාපනය ලබා දීමේ ආයතනයක් පවත්වාගෙන ගෙන ගිය බව කියන කෝටිපති ව්‍යාපාරිකයකු අද (22) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 22 November 2017
ජානිපෙ ප්‍රධාන ලේකම් අස්වෙයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ මහතා සිය තනතුරෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. 22 November 2017
සීමා නිර්ණ ගැසට් පත්‍රයට වාරණයක් පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 22 November 2017
නුවර -කොළඹ දුම්රියේ කාර්මික දෝෂයක් මහනුවර සිට කොළඹ බලා ධාවනය වන සිඝ්‍රගාමී දුම්රිය වල්පොළ දුම්රිය හරස් මාර්ගය අසල දී කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදරිය කියයි. 22 November 2017
නිරිතදිග වෙරළබඩ තද සුළං බලපිටියේ සිට පුත්තලම දක්වා මුහුදු කලාපය පැයට කිලෝමීටර 70 -80 තරම් තද සුළං තත්වයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරනු ලැබූ ඉදිරි පැය 9 සදහාවූ කාලගුණ නිවේදනයේ සදහන්කර තිබේ. 21 November 2017
ගාල්ලේ පාරවල් රැසක් යටවෙයි ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන මහ වැසි සමග ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්යක්ෂ දම්පත් රත්නායක මහතා (21) පැවසීය. 21 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026