ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට වැලිකන්ද, නාමල්ගම, නාවල්අඩි ප්‍රදේශයේදී අලි රංචුවක හැපීමෙන් අනතුරට ලක්වී පීලී පැන ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
දුම්රියේ ගැටුණු අලි තිදෙනෙක් මෙම අනතුරින් මියගොස් ඇත.
දුම්රිය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීහු 700ක් පමණ ගමන් ගනිමින් සිටි බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් දුම්රිය මාර්ගයට ද අනතුරින් දැඩි ලෙස හානි සිදුවී තිබේ.
මේ හේතුවෙන් මඩකලපුව සිට ගල්ඔය දක්වා දුම්රිය ධාවනය ඊයේ (6) රාත්‍රීයේ සිට තාවකාලිකව නවතා දමා ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
ඡායාරූප - ක.ග.කරුණාරත්න






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවි ඇමති සහ නියෝජ්‍ය ඇමති තමන්ගේ වගකීම පැහැර හැරීම සහ තමන්ගේ කාර්යය ඉෂ්ඨ නොකිරීම ගැන ඔවුන්ගේ තනතුරු වලට ලැබෙන වැටුපට බදු ගෙවන අපගෙන් සමාව ඉල්ලිය යුතු අතර මොවුන් දෙදෙනා සහ මොවුන් වටා සිටිනා සියලුම නිලධාරීන් පරීක්ෂණ පවත්වා වහාම තනතුරු වලින් නෙරපා දැමිය යුතුයි. එහෙත් මා විසින් ඉහත සදහන් කල කිසිවක් ලංකාවේ කිරීමට තරම් මෙරට පාලකයින්ට නොහැකි වීම ගැන සැබවින්ම කම්පා වෙමි. මේ අහිංසක සතුන් තිරිසන් අපායෙන් වහ වහා මිදේවා...!!!
අපේ රටේ අලි සම්පත අප විසින්ම වනසන දවස වැඩි ඈතක නැහැ. රටේ වන සම්පත ගැන කිසිම හැගීමක් නැති මිනිස්සු ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති.
දුම්රිය මාර්ගයේ වේග සීමා ගැන කිසිම තැකීමක් නොමැතිව මේ ප්‍රදේශයේ අලි මංකඩවල සතුන් මාරුවන බව හොදින්ම දැන දැන දුම්රිය අධික වේගයෙන් ධාවනය කිරීම රියදුරාගේ සම්පුර්ණ වරද බව වැටහේ. මේ ආකාරයට සතුන් යටවන්න හා දුම්රිය මාර්ගයෙන් ඉවතට පැනීමටත් දුම්රිය අධික වේගයෙන් ධාවනය වූ බව හොදින් පැහැදිලී. මේ සදහා දුම්රිය රියදුරට හා සහයකයට දැඩි දඩුවම් පැනවිය යුතුය. මේ වැනි සතුන් අනතුරට පත් වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මෙවන් දේ සිදුවන්නේ රියදුරාගේ වරද නිසා බව හොදින් පැහැදිලී. සිවිල් වැසියෙක් ජීවිත බේරා ගැනීමට මේ සතෙකු ඝාතනය කලත් දඩුවම් දේ නම් මෙවන් ආකාරයට නොසැලකිලිමත්කමින් දුම්රිය ධාවනය කර මේ සතුන් අනතුරට පත් කර මිනිස් ජීවිත සිය ගානක් අනතුරට පත්වන ආකාරයට දුම්රිය අනතුරට පත් කරන මේ දුම්රිය රියදුරන්ට ඊටත් වඩා දැඩි දඩුවම් ලබාදිය යුතුයි
අලි මංකඩවල් තියෙන තැන්වලින් උඩින් යන්න දුම්රිය හා වාහන ගමනාගමනයට පාලම් සැදිය නොහැකිද
අනුලා, උඩින් වාහන යන්න නෙවේ... මාර්ගයට යටින් සතුන්ට (අලි ඇතුන් වැනි විශාල සතුන්ට) වුවද ගමන් කළ හැකි උමං මාර්ගයක් නිර්මාණය කල හැකි මේ රටවල අධිවේගී මාර්ග හරහා ගමන් කරන ඔටුවන් වැනි සතුන්ට අධිවේගී මාර්ගයට යටින් යා හැකි ආකාරයට අඩි 100 -150 වැනි දිගින් යුත් උමං මාර්ග තනා තිබෙනවා. මේවා තේරුම් ගන්න හැකි දේශපාලකයින් හෝ නිලධාරින් ලංකාවේ නොමැති වීම තමයි ප්‍රශ්නේ.. මෙවන් මාර්ග මේ ස්ථානවලින් ස්ථාපන ගතකළොත් සතුන් නිදහසේ මේ හරහා ඔවුන්ට අවැසි තැනකට මාරු වෙනවා. කැලය හා වැවමැදට පාරක් දැමුවේ ජනතාවනේ... ටිකක් හිතන්න එපායෑ කැලේ සතුන් කොහොමද ජලය බොන්නේ කියලා...