මුම්බායිහිදීය (රොයිටර්/එන්.ඩී.ටීවී)
පෙට්රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.
මේ අනුව පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 2.50කින් අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති අතර මේ නිසා රජයට අයත් ඛනිජ තෙල් අලෙවිකරණ සමාගම්වලට දැඩි පීඩනයක් එල්ල වී ඇතැයි ද පැවසේ.
රජය ගත් මෙම පියවර නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද පෙට්රල් සහ ඩීසල් මිල ගණන් රජයේ පාලනයට නතුවනු ඇතැයි ද බියක් හටගෙන ඇත. වසර 2012 දක්වා පෙට්රල් මිලත් 2014 වසර දක්වා ඩීසල් මිලත් නියාමනය කරන ලද්දේ ඉන්දීය රජයයි.
දිගින් දිගටම ඉන්ධන මිල ගණන් ඉහළ යෑමෙන් ජනතාවට එල්ල වූ පීඩනයත් ඉන්දීය රුපියල දිගින් දිගටම අවප්රමාණය වීමත් නිසා එලෙස පෙට්රල් සහ ඩීසල් මිල ගණන් රුපියල් 2.50කින් පහත දැමීමට ඉන්දීය රජය පියවර ගත්තේය.
පෙට්රල් සහ ඩීසල් මත පනවා තිබූ බදු අඩු කරමින් ඉන්දීය රජය එලෙස මිල ගණන් අඩු කර ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කවදද අඩු වෙන්නේ?
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ
මෙතන තිබෙන්නේ තෝරාගැනීම ගැන ගැටළුවක්. ඛනිජ තෙල් සඳහා අය කරන බදු කපා හැර තෙල් මිල පහත හෙලුවොත් ඒ බදු මඟින් කළ හැකිව තිබූ රාජ්ය වියදම් කපා හරින්න හෝ අඩු කරපු බදු වෙනුවෙන් වෙනත් ක්රමයකින් බදු අය කරන්න වෙනවා. ඒකියන්නේ තෙල් මිල අඩු කරපු එක යම් පිරිසක් සෘජු ලෙස ප්රතිලාභ ලබද්දි වක්රාකාරව අඩුම තරමේ භූමිතෙල් ලාම්පුවක්වත් භාවිතා නොකරන පිරිසක් ඒ වැය දරනවා. එය ආර්ථික සාධාරණත්වය මත තීරණය කරන්න වෙනවා.
අපිත් සුත්තරේට දාල බලමු. සමහරවිට වැඩිවෙන්නත් බැරි නැහැ.
මිල අඩු කළාට පසුවත් පැට්රල් ලීටරයක් ලංකාවේ මුදලේ වටිනාකම අනුව රුපියල් 190 ක් පමණ සහ ඩීසල් රුපියල් 170ක් පමණ වෙන බව කවුරුවත් කියන්නේ නැත්තේ ඇයි?
අපේ ඉන්න වැඩ බැරි ටාසන්ලා ටික ඕකටත් මොකක් හරි වචනයක් හදා ගනියි ලංකාවෙ අඩු නොකර ඉන්න.
මේ අවස්ථාවේ රටේ ආර්ථිකය සහ ආණ්ඩුවට තිබෙන ජනතා ප්රසාදය ආරක්ෂා කරගැනීමට නම් කල යුත්තේ, තෙල් වලට ගහන විශාල බද්දෙන් සුළු ප්රමාණයක් අඩුකර ජනතාවට යම්කිසි සහනයක් දීමය. මැති ඇමතිවරුන්ට දෙන කෝටි 3-4 වාහන ගෙන්වීම මාස 6 කට සිමා කිරීම පමණක් ප්රමාණවත් නොමැත, හරිනම් මොවුන්ට දෙන වාහන බලපත්ර වලට රජයේ නිලධාරීන්ට දෙන බලපත්ර වලට මෙන් සීමාවක් පැනවිය යුතුය. ඩිසල් වාහන නම් සිලින්ඩර් ධාරිතාව 3000 හොඳටම ප්රමාණවත්. පැට්රොල් නම් 2000 හොඳටම ප්රමාණවත්, මොවුන්ට ලොකු වාහන දුන්නොත් මොවුන්ට දෙන නොමිලේ ඉන්ධන සදහා විශාල මුදලක් ගෙවීමට බදු ගෙවන ජනතාවට සිදුවේ.
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ
අපිට වගේ ඉන්දියාවට ආසියාවේ හොඳම මුදල් ඇමැතිත් නැහැ. නමුත් එයාලා අඩුකරලා තියන්නේ.
දැන් මොකද ඉන්දියාවේ නිවුස් අපිට? අපිත් එයාලගේද? එයාලත් අපේද?
අපේ රටේ කවදාවත් තෙල් මිල අඩුවෙන්නේ නැහැ.