(මොහොමඩ් ආසික්)
මහනුවර ප්රදේශයට අද (06)සවස් කාලයේ ඇද හැළුණ් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය අද ජලයෙන් යට ව ඇති අතර මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයද මේ වන විට ඇන හිට තිබේ.
මෙයට අමකරව දුනුවිල පාදර ජලයෙන් යටව ඇති අතර මේ වන විට එම ප්රදේශයේ අඩි පහක් පමණ ජලයෙන් යටව තිබේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි අකුරණ නගරය කොහෙත්ම වතුරට යටවෙච්ච නගරයක් නොවේ. එසේ නොවුනේ නගරයේ පසකින් ගලාගිය අඩි 10-15 හෝ ඊට වැඩි ගැඹුරු ඇළ මාර්ගය නිසා. අනවසර ඉදිකිරීම් නිසා දිය මාර්ගය අවහිර වෙලා ඇති. මේ ගැන එම නගරයේ හිටින පැරණි වැසියන් සාක්ෂි දරනු ඇත.
අකුරණ පිගා ඔය ගොඩ කරමින් කල ඉදිකිරීම් නිසා දැන් වැසි ජලය බැස යාමට ක්රමයක් නොමැති වීමෙන් සිදුවන මේ විනාශයන්ට මහජන මුදලින් වන්දි ගෙවීමට කටයුතු නොකළ යුතුය. අවට නිවාස සහ ව්යාපාරික ස්ථාන රැසක වැසිකිලි පිගා ඔයාට හරවා ඇති අතර මේවා නැවත්වීමට ක්රියාත්මක වූ ප්රාදේශීය ලේකම්ට බලපෑම් කල පවතින රජයේ ඇමතිවරුන් සිටින බව මා වගකිමෙන් ප්රකාශ කරමි. මේ රට ගොඩ ගත නොහැකි තරමට විනාශ වෙමින් යන බව නොදන්නා අනාගත පරපුර ගැන ඇත්තේ කනගාටුවකි.