ඒකාබද්ධ විපක්ෂයේ සහාය ජනපතිට - බන්දුල බැඳුම්කර මගඩිය හෙළිදරව් වීම නිසා කෝපයට පත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නගන විවිධ අවලාදවලට එරෙහිව ජනාධිපතිවරයා සමඟ එකට සිට ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 27 November 2017
මිතුරාගේ නිරුවත් ඡායාරූප ගත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ජංගම දුරකතනයකින් මිතුරකුගේ නිරවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරි බව කියන කුරුණෑගල පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 November 2017
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ධුරයට වෛද්‍ය අනිල් ජාසිංහ නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කරනු ලැබ ඇත. 26 November 2017
අධිවේගයේ අනතුරින් මොරටු ක්‍රීඩා අධ්යක්ෂ රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවා ලැබූ මොරටුව විශ්ව විද්‍යාලයේ ශාරීරක අධ්‍යාපන අධ්යක්ෂ කේ කේ ආර් රත්නමුදලි මහතා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි. 26 November 2017
හිස හරහා ගිය තුවක්කු බටය ඉවත් කරයි බිබිල ඉඟිනියාගල ප්‍රදේශයේ දෙදරු මවකගේ හිස් කබල පසාරු කරගෙන ගිය යකඩ බටයක් මහනුවර ශික්ෂණ රෝහලේදී කළ පැය හයක පමණ ශල්‍යකර්මයක් පසු ඉවත් කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් අද (26) සමත්වූහ. 26 November 2017
මාතර කාන්තාවන් දෙදෙනකු මරාදාලා මාතර නාවිමන උතුර තුන්බෝධිය ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සිය නිවසතුලදී මරා දමා සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. 26 November 2017
පුංචි ඡන්දය ගැන දෙමළ ප්රගිතිශීලී සන්ධානයේ තීරණයක් නෑ ඉදිරි පළාත් පාලන මැතිවරණයට දෙමළ ප්රගතිශීලී සන්ධානය තරග කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්රිෂ්නන් මහතා ලංකාදීපයට පැවසීය. 26 November 2017
පුත්තලමේ ඉඩම් මංකොල්ලයක් - ඇමැති රංගේ බණ්ඩාර පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සැකසීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩම් මිලදී ගැනීමේ දී දැඩි අවධානයකින් කටයුතු කරන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 26 November 2017
කෝටි දෙකක හසීෂ් අල්ලයි අලෙවි කිරීමට සූදානම් කොර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් හසීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 34ක් සමඟ ධීවරයකු තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේදී මන්නාරම විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ. 26 November 2017
2019 වනතුරු දකුණු මහ ඇමැති මමයි - ශාන් විජේලාල් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස් තම තමන්ගේ නඩු හබ වලින් බේරීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මුවා වෙමින් නව පක්ෂයක් තනන්ට කටයුතු කරමින් සිටින බවත් ඒවා අසාර්ථක උත්සාහයන් බවත් දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. 26 November 2017
පළාත් පාලන සංශෝධිත ගැසට්ටුව හෙට නිකුත් කරයි පළාත් පාලන ආයතන ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ආයතන 40 කට අදාලව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කොට සංශෝධිත ගැසට් නිවේදනයක් හෙට (27) නිකුත් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා තීරණය කර තිබේ. 26 November 2017
පුංචි ඡන්දයේ නාමයෝජනා නිවේදනය හෙට ආයතන 93 ක ඡන්ද විමසීම පැවත්වීමට මැතිතවරණ කොමිසම තීන්දුකර තිබේ. 26 November 2017
නේපාල මැතිවරණය ඇරැඹේ නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීම සඳහා නේපාල වැසියෝ අද (26) ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළහ. ප්‍රචණ්ඩත්වයත් අස්ථාවරත්වයත් පසෙකළා නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීම නේපාල වැසියන්ගේ අරමුණ වී තිබේ. 26 November 2017
ප්රභාකරන්ගේ උපන්දිනයට සිවාජලිංගම් කේක් කපයි යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ එල්ටීටීඊ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ බවට සැලකෙන ගෙවත්තේ අද (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් කේක් කපා උපන්දින සැමරුමක් සිදු කොට ඇත. 26 November 2017
ජෝර්ජියාවේ හෝටලයක ගින්නෙන් 11 දෙනකු මරුට ජෝර්ජියාවේ කළු මුහුද ආසන්නයේ සංචාරක හෝටලයක ඇතිවූ ගින්නක් හේතුවෙන් 11දෙනකු මියගොස් 21ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ 26 November 2017
පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනී යාපනය ,පොම්බවේලි , වයි හංදිය මාර්ගය අසල පෙහොර උරයක දමා ගොස් තිබූ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (26) උදැසන සොයාගත් බව යාපනය පොලිසිය කියයි. 26 November 2017
කැනඩා ගමන පුත්තලමෙන් නිමාවේ නීති විරෝධී ලෙස කැනඩාව බලා යාමට තිල්අඩිය ප්‍රදේශයේ උත්සව ශාලාවක රැදී පුද්ගලයින් 26 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස නොවිසුදුණු විමර්ශණය ඒකකය කියයි. 26 November 2017
මහවිරු සතිය සමරන්න යාපනය සරසවියෙන් ඉල්ලීමක් කොටි සංවිධානය නායක වේලුපිල්ලේ ප්රභාකරන් සහ මහ විරු සමරුව අභිමානවත්ව සමරන්නැයි ඉල්ලා යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨය ප්රභාකරන්ගේ රුව සහිත පෝස්ටර් අලවා ඇතැයි 26 November 2017
වැලි ලොරිය ප්‍රපාතයට දෙදෙනෙක් රෝහලට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක්, හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේදී අද (25) අළුයම 01.50 ට පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එම ලොරියේ ගමන්ගත් දෙදෙනෙක් සුලු තුවාල ලබා ඇතැයි නානුඔය පොලිසිය කියයි. 25 November 2017
ඊජිප්තු වෙඩි තැබීමකින් 200ක් මරුට ඊජිප්තුවේ උතුරු සිනායි පළාතේ මුස්ලිම් පල්ලියක යාච්ඥාවල යෙදි සිටි පිරිසකට සටන්කාමීන් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් හා වෙඩි තැබීමකින් 200 දෙනකු මියගොස් ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 24 November 2017
ජනිපෙ වැඩ බලන ලේකම් කපිල ගමගේ ජාතික නිදහස් පෙරමුණේ වැඩබලන ප්‍රධාන ලේකම්වරයා ලෙස පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ දේශපාලන මණ්ඩල සභික නීතීඥ කපිල ගමගේ මහතා පත්කරගෙන තිබේ. 24 November 2017
දහඅට වංගුවේ දැඩි මීදුමක් මහියංගන - අහ අට වංගුව මාර්ගයේ හුන්නස්ගිරිය, උඩදුම්බර සහ හසලක ප්‍රදේශ අතර අද පස්වරුවේ (24) දැඩි මීදුම් තත්වයක් පවතින බැවින් කල්පනාකාරීව රිය පදවන්නැයි හසලක පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. 24 November 2017
මැතිවරණ කොමිසමෙන් හෙට විශේෂ තීන්දුවක් පළාත් පාලන මැතිවරණය සම්බණ්ධයෙන් විශේෂ තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සෙනසුරාදා සවස රැස්වීමට නියමිත බව එහි අරංචි මාර්ග කියයි. 24 November 2017
විදේශ මුදල් පනතින් ජාවාරම්කරුවන් රකිනවා - පුබුදු විනිමය පාලන පනත අහෝසි කර අලූතින් ගෙන ආ විදේශ මුදල් පනත ජාවාරම්කරුවන් වෙනුවෙන් වාසි සලසන පනතක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය. 24 November 2017
ඡන්දය ඉල්ලා ජවිපෙන් උද්ඝෝෂණ මාලාවක් පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බල කරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 24 November 2017
ලංකාවේ ඉඩම් මැනීමට ඇමෙරිකාවට දෙනවාට විරෝධය ශ්‍රී ලංකාවේ ඉඩම් මැන සිතියම් ගතකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඇමරිකාවේ ආයතනයකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබෙන බවත් එම කැබිනට් අනුමැතිය ලබන තිස් වැනිදාට පෙර ඉවත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය. 24 November 2017
වංචාවට එරෙහි වෙනවාට විරුද්ධනම් තනතුරු අතහරිනවා දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 24 November 2017
නාන්න ගිය අයියා නගෝ ගිලී මරුට වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය සහෝදරයින් දෙදෙනෙකු අද (24) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බව මාමඩුව පොලීසිය පවසයි. 24 November 2017
අතුරුදන් වු තරුණයාගේ සිරුර ගොඩගනී බදුල්ල මහියංගන මාර්ගය අතරතුර හමුවන මහවැලි අන්තර් නිම්න ඇල මාර්ගයේ පැති බැම්ම මතින් දිවෙන මාර්ගයේදී බ්‍රහස්පතින්දා (23) මෝටර් රථයත් සමඟ ඇලට වැටීමෙන් පසුව අතුරුදන්වූ තරුණයාගේ මළ සිරුර ගැමුණූපුර ඇල මත පාවෙමින් තිබියදී අද (24) දහවල් ගොඩ ගත් බව පොලීසිය පවසයි. 24 November 2017
සූරියවැව පාසල් ප්‍රශ්න පත්‍ර අවුලක් පාසැල් වාර විභාගයේ 10 ශ්‍රේණියට අදාලව අද(24) ලබා දීමට නියමිතව තිබු ඉංග්‍රිසි ප්‍රශ්නපත්‍රය සුරියවැව විහාරගල ඉසුරු පාසලේ දී පසුගිය 21වැනිදා ලබා දී ඇතැයි දෙමාපියෝ කියති. 24 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026