සිරංගිකා ලොකුකරවිට
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක වන පරිපාලන කටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා ද ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
සීමා නිර්ණයන්, ආපදා සහන සැළසීම්, කෘෂිකාර්මික ප්‍රදේශ හා ඒවායේ අවශ්‍යතා හඳුනාගැනීම් වැනි බොහෝ කාර්යයන් සඳහා ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක ඩ්‍රෝන තාක්ෂණය බහුලව යොදා ගන්නා බවත් ශ්‍රී ලංකාවටද එය සාර්ථක ලෙස උපයෝගී කරගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
හෙතෙම එසේ පැවසුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (5) පැවති රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අවස්ථාවේ දී ය.
රාජ්‍ය සේවයේ ඇතැම් ක්ෂේත්රවල කටයුතු වඩාත් ඵලදායීව සහ කාර්යක්ෂමව ඉටුකරගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකි ආකාරය සම්බන්ධව නිලධාරීන් දැනුම්වත් කිරීම වැඩමුළුවේ අරමුණ විය.
ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ ඇමෙරිකාවේ විශේෂඥයකු වන සුමිත් ද සිල්වා මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දන්නා තරමින් නම් ඔය කියන ඩ්‍රෝන තාක්ෂණය ඔය කියන කටයුතුවලට භාවිතා වෙන්නේ නැහැ. ඒ වුණත් මිනිසුන්ගේ දක්ෂතාවයෙන් වැඩ ගන්න රටක්.. ඒක වයස් භේදයකින් තොරවයි. මෙහෙ එහෙම නොවෙයි, දේශපාලනය මුල්කරගෙන මෝඩයින් තනතුරුවලට දාගෙන රාජ්‍ය ධනය විනාශ කරනවා. හැකිනම් ගිහින් බලන්න. එහෙ තානාපති කාර්යාලයෙන් වුනත් තාම ජනතාවට වෙන සේවය කුමක්ද? කියලා හොඳට හොයලා බැලුවොත් තේරේවි...
ඩ්‍රෝන තාක්ෂණය ප්‍රාද්ශීය ලේකම්වරුන්ට පෙර ලබා දිය යුත්තේ තාක්ෂණික සේවා සපයන ආයතන වන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව වැනි ආයතන වලටයි .
ඩ්‍රෝන තාක්ෂණයක් ඕන නැහැ. ඒවායේ ඉන්න අයට උගන්නන්න ඔවුන්ට වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදලින් ඔවුන්ගේ රාජකාරිය ජනතාවට සේවය කිරීමයි කියලා.
ඇමැතිවරයාගේ ඔලුවට කව්දෝ විෂබීජයක් දාලා. දැන් ඉතින් කට්ටියට පුහුණුවට රට යන්න පුළුවනි. එච්චරයි වෙන්නේ. අනේ අපේ සල්ලි...!
ඩ්‍රෝන තාක්ෂනය සියලු රාජ්‍ය ආයතන වෙත ලබා දීමෙන් ගොඩක් ප්‍රශ්න විසදන්න පුළුවන්.
ඕකට ඇමරිකාවේ. කියන්නේ. කේලම් මල්ල. අනුන්ගේ කුණු හොයන්න පුළුවන් මොනවා කෙරුවත් ඒ රටවල් දියුණුයි. අපේ ඇමතිලට ද්‍රෝණ යන්ත්‍ර නෙමේ මොනවා දුන්නත් වැඩක් නැහැ. ඕවට කලින් රෝහල්වල කෝටි ගණන් වටිනා මැෂින් ක්‍රියාත්මක කරන්න බලන්න. කාමරවල දාගෙන වහගෙන ඉන්නේ නැතිව.
මේක මේ සල්ලී කන්න කරන මගඩියක්ද කොහෙද. දැන් ඊළගට ඩ්‍රෝන යන්ත්‍ර ගෙන්වන එකෙන් මිලියන ගාණක කොමිස් ලැබෙයි. ඊට පස්සේ කිසිම පළපුරුද්දක් හෝ අවබෝයක් නැති පිරිස් මේ යානා හසුරුවන්න ගිහිල්ලා මේවා කඩලා බිදලා දමාවී. අන්තීමට මේ ඩ්‍රෝන කුණු ගොඩට විසි කරන්න වෙයි.
ඔය දේවල් කරන්න ඉස්සර ප්‍රාදේශිය ලේඛම් කාර්යාල මට්ටමින් ජාතික හැදුනුම්පත්, පාස්පෝර්ට්, වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ලබා දුන්නේනම් ගොඩක් වටිනවා නේද
ඩ්‍රෝන තාක්ෂණය නෙවෙයි ඕන රාජ්‍ය සේවයෙ ආකල්ප වර්ධනය කරන තාක්ෂණය .
ඔය තාක්ෂණය පොලිසිය හරියට රාජකාරි කරනවද බලන්න යොදාගන්නකෝ විශේෂයෙන්ම ට්‍රැෆික් රාළහාමිලා සල්ලි ගරන විදිහ බලන්න. ඒ වගේම කන්තෝරු වල නෝනා මහත්තයලා රාජකාරි කරන විදිහ බලන්න
අඩු ගානේ රාජ්‍ය ආයතනවල තියෙන පරිගණකවලින්වත් ප්‍රයෝජන නොගන්න අයට මොන ඩ්‍රෝනද?
ඉතාම හොද වැඩක් ...