(නිමල කොඩිතුවක්කු)
නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිතා කිරීම සහ රාත‍්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම සෞඛ්‍ය ගැටලූ රැසක් ඇතිවිමට හේතු වී ඇතැයි සෞඛය ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
නිදන කාමරයේ ජංගම දුරකතන තබා ගැනීම මගින් මොළයට, ස්නායු පද්ධතියට හානි සිදුවිය හැකි බැවින් රාත‍්‍රී නින්දට යාමට පෙර නිදන කාමරයෙන් එබදු උපකරණ ඉවත් කර හෝ ක‍්‍රියාවිරහිත කර තබන ලෙස සෞඛය ප‍්‍රවර්ධන කාර්යාංශය ඉල්ලීමක් කරයි.
ජංගම දුරකතන සහ පරිගණක ආශි‍්‍රත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරාවරණය වීම මෙම සෞඛ්‍ය ගැටලූ වලට හේතු වී තිබේ.
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ජංගම දුරකතන කොඩිවිනයක්. බාල මහලු හැමෝම ජංගම දුරකතන වලට ඇබ්බැහි වෙලා. අවශ්‍ය දේ අනවශ්‍ය දේ වෙන්කර ගන්නේ නැතුව ඒකේම ලැගලා ඉන්නවා. දුරකතන කොම්පැනි උපරිම ලාබ ලබනවා. ඉස්සර දුරකතනය වයර් එකකින් බැදලා තිබ්බේ. දැන් අපිව දුරකතනයට බැදලා දාල වගේ හැම තිස්සෙම එකේම ඉන්නවා. කොච්චරක්නම් සල්ලි පුච්චනවද අනවශ්‍ය විදිහට.
එ්ක දැන් නතර කරන්න බැරි තරමටම පුරුදු වෙලා...