(සුමතිපාල දීයගහගේ)
කතරගම දේවාලය වැඳ පුදා ගැනිමට යමින් සිටි වන්දනාකරුවන් පිරිසකට දේවාලයට පිවිසෙන මාර්ගයේ පිහිටි අංක දෙක පාලම අසලදී බඹර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිමින් දෙදෙනෙක් සහ කාන්තාවන් සිව් දෙනෙක් කතරගම රෝහලට ඇතුලුකර ඇත. මෙම වන්දනාකරුවන් පිරිස කතරගම පදිංචිකරුවන් බවද වාර්තාවේ. කතරගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍යාදෘෂ්ටික මිනිස්සුන්ට සත්තු පවා හරිමග කියාදෙනවා..
දෙයියන්ගෙන් පිහිටක් ලැබිලා නැද්ද?
පහුගිය ටිකේ තිබුණේ විකෘති සල්ලි දෙවියන්ට පුජා කරලා කියලා. කතරගම දේවාලේ ඒවා ගොඩ ගැහිලාලු. සම්මාදම් වෙච්ච කට්ටිය වෙන්නැති...
දෘෂ්ටිය මිථ්‍යාවක්ද? නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒත් තමන්ට කැමැති ආගමක් ඇදහීම කාගේත් අයිතියක්... කිරිවෙහෙර අති උතුම් පූජනීය ස්ථානයකි. දේවාලය තුළ සිදුවන වංචාව, ප්‍රෝඩාව දෙවියන්ටත් නිගාවකි. කොහොමත් මේ බඹර ප්‍රහාරය ගැන කොමිසමක් පත්කරන්න. වැරදි කරපු බඹරුන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පමුණුවන්න.
"කතරගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි". මී මැස්සාගේ අයිතිකරු හොයන්නද?