කුලියට ගත් හිස් ගොඩනැගිල්ලට තවත් කෝටි හයහමාරක්
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.