දුම්රිය සේවාව අත්‍යවශ්‍ය යයි ගැසට් නිවේදනය සම්මතයි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය. 11 December 2017
සාපෙළ සිසුන්ට දුම්රිය වාර ප්රවේශපතින් පෞද්ගලික බස්වල යාමේ වරම් හෙටින්(12) ඇරැඹෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා තම දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය පෙන්වා පෞද්ගලික බස්රථවලින් නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි. 11 December 2017
දුම්රිය කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. 11 December 2017
තියුණු ආයුධ හා පොලු සමග තිදෙනෙක් කොටු අපරාධයක් සිදුකිරීමට තියුණු ආයුධ හා පොලු මුගුරු රැගෙන යතුරුපැදිවලින් ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු යාපනය තෙලිප්පලෙයි අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය කියයි. 11 December 2017
ඒකාබද්ධයෙන් තේරීම්කාරක සභාවක් ඉල්ලයි පසුගිය රජය සමයේ පොත්පත්වල සටහන් නොතබා රහසිගතව ණය ලබාගෙන ඇති බවට අගමැතිවරයා කළ ප්‍රකාශය ඇතුළු කරුණු හතරක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 11 December 2017
ශ්රීලනිපය ඡන්ද ලකුණු කිහිපයකින් පුංචි ඡන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී අත, බුලත් කොළය සහ තවත් සලකුණු අනුව ක්‍රම තුනකින් තරග කරන බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. 10 December 2017
‘භික්ෂුණී සසුන පිළිනොගන්නේ දේශපාලනඥයෝ‘ - ඉනාමළුවේ මහනාහිමි මෙරට භික්ෂුණී සසුන පිළිනොගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලඥයන් බව ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති. 10 December 2017
දුම්රිය වර්ජනයත් - සාකච්ඡාත් දිගටම වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද(10) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් රැසක් දැඩි අපහසුතාවයට ලක්විය. 10 December 2017
ශ්‍රියානි විජේවික්‍රම ජනපතිට සහාය පළ කරයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අද(10) සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කළ බව දේශපාලන ආරංචි පවසයි. 10 December 2017
තනි දළයාගේ මරණයට හේතුව හෙළිවෙයි පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂීතයේ මැරි සිටි දළ ඇතාගේ මරණයට හේතුව විස ශරිර ගතවිමක් බව වන ජීවි පශු වෛද්‍යවරු අද(10) සවස පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි තහවුරු කර තිබේ. 10 December 2017
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් සැකපිට බේරුවල චීනකොටුව ප්‍රදේශයේදී නීති විරෝධීව බලපත්‍ර නොමැතිව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 6000 ක් සමග සැකකරුවන් දෙදෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි. 10 December 2017
නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු ඇමැති කියයි ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ සෙනෙවිරත්න මහතා අද(10)ලංකාදීපයට පැවසීය. 10 December 2017
පලස්තීන මිත්‍රත්ව සංගමය ට්‍රම්ප්ගේ තීරණය හෙළා දකී ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම ලෙස පිළිගැනීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පලස්තීන මිත්‍රත්ව සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 December 2017
නිධන් හෑරීමට ගිය 4ක් අත්අඩංගුවට යාල ජාතික වන උද්‍යානයටත් ලූනුගම්වෙහෙර වන උද්‍යානයටත් මායිම්ව ඇති යාල අංක 05 කලාපයේ නිධන් හෑරිමට ගිය හතර දෙනකු අද(10) විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගනු ලැබීය. 10 December 2017
දැව ජාවාරම වැටලීමට ගිය වන ජීවී නිලධාරීන් කොටු කරති සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිදුකෙරෙන සංවිධානාත්මක දැව ජාවාරමක් වැටලීම සඳහා ගිය වන ජීවී නිලධාරී කණ්ඩායමක් සහ ඔවුන් ගිය වාහනය අද (10) වනතෙක්ම එම දැව ජාවාරම්කරුවන් මහා වනමැද කොටු කරගෙන සිටිබව වනජීවි නිලධාරීහු කියති. 10 December 2017
ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙක් සැකපිට විදේශීය රටක නිෂ්පාදිත කුඩා පිස්තෝලයක් සමග ව්‍යාපාරිකයෙකු වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 10 December 2017
නිල්වලා පීඨයේ සිසුන්ට පහරදුන් පහක් සැකපිට අල්ලයි අකුරැස්ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට අතින් පයින් පහර දී ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටි බව කියන තරුණයින් පස් දෙනකු උල් පිහියක් ද සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය පවසයි. 10 December 2017
ගංජා මිශ්‍ර මත් පැකට් අලෙවි කළ දෙදෙනකු අත්අඩංගුවට පුත්තලම නගරයේ දී ගංජා මිශ්‍ර මත් පැකට් අලෙවි කල පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. පුත්තලම නගරයේදී කුඩා අලෙවි සැලක ඉතා හොර රහසේ අලෙවියට තබා තිබූ මෙම මත් පැකට් තොගය පොලිසිය විසින් සොයා ගන්නා ලදි. 10 December 2017
දෙමළ සන්ධානයේ පිරිසක් එජාපයට එක්වෙති දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ඇතුලු පිරිසක් අද (10) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය. 10 December 2017
එච්. අයි. වී. ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින් ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය මගින් ගම්පහ දුම්රිය ස්ථානයේ දී දින තුනක් තිස්සේ සිදුකරන ලද රුධිර පරීක්ෂාවේදී එච් අයි වී ආසාදිතයින් බවට සැක කරන පස් දෙනකු හමුවු බව සෞඛ්‍ය අංශය සදහන් කරයි. 10 December 2017
කෝටි දෙකක මත් පෙති සමග තිදෙනෙක් දැලේ නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුත් මත්පෙති 70,000 සමග තිදෙනකු වාරියපොළදී අද අලුයම (10) අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය කියයි. 10 December 2017
රුපියල් එක් මිලියන 11 ක විදේශ මුදල් අල්ලයි රුපියල් එක් මිලියන 11 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන යාමට තැත් කළ 25 හැවිරිදි චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 09 December 2017
අයවැය සම්මතයි වසර 2018 සඳහා වන අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත විය. තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 56 ක් ලැබිණ. 09 December 2017
හම්බන්තොට වරාය පවරාදෙයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී හම්බන්තොට වරාය චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම් දෙකක් යටතට අද පවරා දෙනු ලැබිණි. හම්බන්තොට වරායේ මෙහෙයුම් සහ සේවා කටයුතු හම්බන්තොට අන්තර්ජාතික වරාය සමාගමට (්යෂඡඨ) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමගම යන සමාගම් දෙක වෙත පැවරෙයි. 09 December 2017
මොරගහකන්දේ ජලයෙන් වැසෙන පවුල් දෙකක් යන්න බෑ කියයි. මොරගහකන්ද ජලාශයට යටවන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිල්ලගහමුල තැන්න - හයේ කනුව ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් හය දෙනෙක් පදිංචිය සඳහා ඉඩම් නොලැබීම හේතුවෙන් තමන් සිටින ස්ථානයෙන් ඉවත් නොවන බව පවසති. 09 December 2017
දුම්රිය වර්ජනය හේතුවෙන් ලිපි බෙදාහැරීම අඩාලයි දුම්රිය වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාල සදහා ගෙනයන ලිපි බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අඩාලවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.ඉකුත් 06 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලද දුම්රිය වර්ජනය හේතුවෙන් රට පුරා දුම්රියෙන් ප්‍රවාහනය කරන තැපැල් මලු විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇතැයි වාර්තාවේ. 09 December 2017
ලක්ෂ 20 ක තේක්ක සමග 5 ක් අල්ලයි මාදුරු ඔය ජාතික වනෝද්‍යාණයේ මහඔය ප්‍රදේශයේ සිදුකළ මහාපරිමාණ තේක්ක දැව ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෝ 05 දෙනෙකු සමඟ රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා තේක්ක දැව කඳන් 200 කට අධික තොගයක් අද(09) අලුයම 1.00 ට පමණ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති. 09 December 2017
වැඩට එන්න : නැත්නම් ගෙදරම ඉන්න තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි. අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශයට පත්කර තිබේ. 09 December 2017
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී අත්සන් කළේය. 08 December 2017
හම්බන්තොට ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මතයි හම්බන්තොට වරායේ වැඩකටයුතු චීන සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමේ ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 65 කින් සම්මත විය. 08 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026