





නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසළ පිහිටි නිවාස හතරක් කාසල්රි ජලාශයට ඇදී ගොස් තිබේ.
අද ( 15) උදෑසන 11.30 ට පමණ මෙය මෙලෙස සිදු විය.
නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මර්ගයේ කොටසක් හා නිවාස පහක් නායයාමේ අවධානමට සක්‍රිය විම හේතුවෙන් එහි පදිංචි පවුල් 5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම ඉවත් කළේය.
අද (15) උදෑසන වන විට ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබු අතර උදැසන 11.30 පමණ මාර්ගයට ඉහළින් වු විශාල පස් කන්දක් සමඟ ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් හා නිවාස 4 ක් කාසල්රි ජලාශයට ඇදි ගොස් තිබේ.
( රංජිත් රාජපක්ෂ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලාශ වලට විශාල පස් කඳු කඩා වැටීම සුනාමි ආකාරයේ රැලි ඇතිවීමටත් ජලාශ උතුරා යාම හෝ බැමි බිඳී යාමටත් හේතු විය හැකි බරපතල තත්වයක් .ජලාශයේ පහළ පදිංචිකරුවන් ප්‍රවේශම් වීම හොඳයි
ජලාශ අසල නිවාස ඉදිකිරීමට ඉඩදීම මෙයට හේතුවෙන්න ඇති. මෙම අක්‍රමවත් ඉදිකරීම් නිසා රටේ සම්පත් නාස්තිවෙනවා. මෙවැනි ඉදිකිරීම් දැන්වත් නතරකරන්න.