සේවක සහන පනත් තුනක් 22 විවාදයට සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 22 විවාදයට ගැනීමට තීරණය කර ඇත. 10 July 2025
අල්ලසක් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු රිමාන්ඩ් මතට ඇබ්බැහි වූ රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු ලබන 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද නියෝග කළාය. 10 July 2025
ත්‍රිරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට 4ක් රෝහලට දඹගල්ල ප්‍රදේශයේ සිට කතරගම පෙරහර නැරඹීම සඳහා පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ඊයේ (10දා) පෙර වරු8.30 ට පමණ බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ වනජීවි මුර පොල සීමාවෙිදී කතරගම දෙසින් ගිය ලොරි රථයක මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් 15 හැවිරිදි පිරිමි ළමයෙකු බරපතළ තුවාල ලබා මියගොස් ඇති අතර මිය ගියතරුණයාගේ මව, පියා, නව හැවිරිදි සොයුරෙකු සහ හත් හැවිරිදි සොයුරියක බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි කතරගම පොලිසිය කියයි. 10 July 2025
ඇසල පොහොයට දන්සැල් 8355 ක් ඇසල පොහොයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8355 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 10 July 2025
ඔටිසම් දරුවන් ගැන බලන යෝජනා සති දෙකක් ඇතුළත ඉල්ලයි ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලු වලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලසුම් යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 10 July 2025
සුරාබදු කොමසාරිස් ජනරාල්ට වෘත්තීය සමිතිවල විරෝධය සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය පරිපාලන සේවය තුළ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු පත්කිරීමට විරෝධය පළ කරන බව සුරාබදු වෘත්තිය සමිති එකමුතුව පවසයි. 10 July 2025
කිරි තේ මිල ඉහළට කිරි තේ එකක මිල රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 10 July 2025
කිරිපිටි මිල ඉහළට කිරිපිටි ආනයනකරුවන් ආනයනික කිරිපිටි සඳහා මිල වැඩිවීමක් නිවේදනය කර තිබේ. 10 July 2025
කොටි අවි ආයුධ සොයා පුදුකුඩිරිප්පුවේ කැණිමක් එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් භාවිතා කළ බවට සැකකෙරෙන මුලතිව් , පුදුකුඩිරිප්පු මණ්ඩුවිල් හි භූගත බංකරයක්තුල එම සංවිධානයේ අවි ආයුධ තොගයක් සොයා අද (10) පුදුකුඩිරිප්පු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් කැණීම් ආරම්භකරනු ලැබීය. 10 July 2025
ට්‍රම්ප්ගෙන් ලංකාවට ලොකු සහනයක් ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩවලට එළැඹෙන අගෝස්තු 1 වැනිදා සිට සියයට 30 ක තීරු බද්දක් ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ පනවනු ඇති බවත් තිබෙන වෙළඳ හිඟය මග හරවා ගැනීම සඳහා පැනවිය යුතු සැබෑ තීරු බද්දට වඩා අඩු තීරු බද්දක් මෙරටට පනවා තිබෙන බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (09) ප්‍රකාශ කළේය. 10 July 2025
ඇමරිකා තීරුබදු ගැන ජනපති සාකච්ඡාවක් කැඳවයි ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පැවැත්විණි. 10 July 2025
බොරැල්ලේ වෙඩි තැබීමට අයෙකු අත්අඩංගුවට බොරැල්ල ප්‍රදේශයේදී ටී-56 ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (9) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 10 July 2025
වෑන්රිය ප්‍රපාතයට: 8ක් රෝහලට මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා තරුණයන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් තරුණයක් 08 දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (10) ඇතුළු කළ බව නානුඔය පොලිසිය පැවසීය. 10 July 2025
ඝාතනය කළ තරුණයෙකුගේ සිරුරක් පාළු පාරක වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළ හැකි තරුණයෙකුගේ මළ සිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී අද (10) හමු වූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 10 July 2025
සුඛෝභෝගි රියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට ලියාපදිංචි නොකරන ලද සුඛෝභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය සහ නීතිී විරෝධී දුම් වැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කෙසෙල්වත්ත බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 10 July 2025
අල්ලස් ගන්න ගිය පොලිසියේ දෙන්නෙක් මාට්ටු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බවට බොරු චෝදනා කර එයට නීති මගින් කටයුතු නොකර සිටීමට යැයි පවසා රුපියල් ලක්ෂ 2 ක මුදලක් ඉල්ලා එයින් රුපියල් 20000 ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවකියයි. 10 July 2025
පළාත් කිහිපයකට වැසිවාර කිහිපයක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 July 2025
ඇසළ පුන් පොහෝය අදයි බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය අදට(10) යෙදී තිබේ. 10 July 2025
කෙහෙල්බද්දර පද්මේ ගෝලයෝ දෙන්නෙක් සමග මාට්ටු? ප්‍රබල පාතාල සාමාජිකයකු ලෙස සැලකෙන කෙහෙල්ද්බද්දර පද්මේ සහ ඔහුගේ ප්‍රධානම ගෝලයන් බව කියන කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව යන අය මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තාවේ. 09 July 2025
සැකකරුට එරෙහිව සාක්කි ඇතැයි කී පොලිසිය මාස 9කට පසුව සාක්කි නැතිලු සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිටින තරුණයා අපරාධයක් කළ බවට අනාවරණය නොමැති නිසා ඇප මත මුදාහරින්නැයි දෙහිවල පොලිසිය ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මියගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය. 09 July 2025
ජොනීගේ හෝටලයට පහරදුන් දස දෙනාට අත්හිටවූ සිරදඬුවම් ගාලු මුවදොර ‘ගෝඨා ගෝගම’ අරගලයට පහර දීමේ සිද්ධියෙන් අතරතුර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකට අලාභ හානි කිරීම සහ එහි නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ඇතුලු දස දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අත්හිටවු සිරදඬුවම් අද (09) නියම කළාය. 09 July 2025
පළාත් පාලන කොමසාරිස්ගේ බලය ගැන අභියාචනාධිකරණ මතය 15 වැනි දා කියයි සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට හෝ විවෘත ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමේ බලය පළාත් පාලන කොමසාරිස්වරයාට බලය තිබේද? නැද්ද? යන්න පිළිබඳව තීන්දුව ලබන 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය. 09 July 2025
පුත්තලමේ දරුවන් මරදාන දුම්රිය ස්ථානය බලන්න ඇවිත් මරදාන දුම්රිය ස්ථනය නැරඹීමට පුත්තලම කන්දකුලිය මුනේ සිංහල විදුහලේ පාසල් දුවා දරුවන් 130 ක කණ්ඩායමක් අද පැමිණියහ. 09 July 2025
පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැනගෙන ඉදලා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ටී.එම්.වී.පී සංවිධානයේ නායක හිටපු අමාත්‍ය ශිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් කල් තියා දැනගෙන සිටි බවට තොරතුරු අනාවරණයවී ඇති හෙයින් එ් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 July 2025
රනිල්ලා - සජිත්ලා ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයෝ රනිල්ලා සජිත්ලා කියන්නේ ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයන් බව සභානායක,ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 July 2025
මුජිබුර් පාස්කු වාර්තා සභාගත කරයි සැමට උවමනා වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළිකර ගැනීම බව පාස්කු විමර්ශන වාර්තා කිහිපයක් සභාගත කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 July 2025
තවත් 600කට ඊශ්‍රායල් රැකියා ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් 600ට අධික පිරිසකට රැකියා ගිවිසුම් මේ වන විට ලැබී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 09 July 2025
පාස්කු ගැන මේ ආණ්ඩුව මෙලෝ දෙයක් හොයාගත්තේ නෑ පාස්කු ප්‍රහාරය ගැන මේ ආණ්ඩුවේ අය අලුතින් හොයාගත් කිසිම දෙයක් නැතැයි පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 July 2025
ලාංකිකයන්ට ජපන් රැකියාවලට යන්න තවත් දොරක් ඇරෙයි ජපානයේ වනාන්තර කර්මාන්තයට අදාල රැකියා (Forest Industry) පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංචාරක නිරත විය. 09 July 2025
චීන චාරිකාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලොකු පාඩමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චීන අධ්‍යයන චාරිකාවෙන් ප්‍රතිඵල රැසක් ළඟා කර ගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 09 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026