
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,967,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,873,870 ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව මෙම වසරේ පළමු මාස නවය තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 93,630 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,097,434 දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,042,904 ක් ලෙස සඳහන් ව තිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 54,530 කින් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.
COMMENTS
හම්බන්තොට විකුණලා චීනේ ණය ටික ඉවර කරනවා කියල කජු සීය කීව නෙහ් . ඒ ණය මෙතන නැතිද ?
හෑ ! බුදු අප්පොච්චියෝ, මම හිතාගෙන උන්නේ මාලිමා ආණ්ඩුව ණය සෑහෙන ප්‍රමාණයක් ගෙව්වා කියලානේ! එහෙනම් අර එකේක ඇමතිලා කිව්ව කතා බොරුද? උන්නැහේලා කවදාවත් බොරු කියනවායෑ, අපේ අනුර සහෝදරයා වගේම ඇත්තම කතා කරනවා මිසක්. ණය බර වැඩිවෙලා කියන කතාව ඔය එකේක ජන මාධ්‍ය වලින් කරන බොරු ප්‍රචාරයක් වෙන්ඩ ඇති, අපේ ආණ්ඩුවට මඩ ගහන්න.
ණය පාලනය කර ගැනීමේ තිරසාර වැඩ පිළිවෙලක් තවමත් රජයට නැත.
පසුගිය ආණ්ඩු ණය ගන්නවා! එයින් බාගයක් බෙදුවා ඉතිරි කොටස මාටියා ගහගත්තා! ආර්ථිකය බංකොළොත් කළා! මේ ආන්ඩුව ණය ගන්නවා ඩබල් කරලා බෙදනවා! අන්තිමට ආර්ථිකය කඩා වැටෙනවා! අපිට පෙනෙන්නේ ආණ්ඩු හැම ආණ්ඩුවකින්ම අන්තිමේ දී සිදු වෙන්නේ ආර්ථිකය කඩා වැටීම
ප්‍රශ්නයක් නැහැ , අපි පසුගිය පාලකයන්ට බැන බැන, ඔවුන් පසුගිය 75 වසරේ කරගෙන අපු ආකාරයට, වසරකට ඩොලර් බිලියන ගණන් පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය, සීනි කම්හල් වැනි සුදු අලින්ගේ පාඩු පියවීම මහාභාණ්ඩාගාරේ මගින් කරගෙන යමු. අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන් ගුණයක් පමණ සිටින රජයේ සේවකයන් නඩත්තු කිරීම, පැන්ෂන් ගෙවීම, කිසිම ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව දිගටම කරගෙන යමු. මේවාට බදු ගෙවන්න රටේ පුරවැසියන් වන වහල්ලු සෙට් එක ඉන්නවා... ඉන්න ඈයෝ මැරුණාම ඔවුන්ගේ දරු මුනුපුරෝ පරම්පරා 7 පමණ ඉදිරියට ණය ඉන්නවා. මොනවා නැති වුණත් අර ජාතික අභිමානේ කියන ශ්‍රී ලන්කන් ගුවන් සේවය, නමැති කටු ඔටුන්න හරිම වැදගත්...
සල්ලි තියේනම් ණය ගන්නේ ඇයි ?
කාටවත් ඇහෙන්න කියන්න එපා, මේ රජයට ඕක මහලොකු කජ්ජක් නෙමෙයි.
ඕවා ගෙවන විදිහත් පොඩ්ඩක් පැහැදිලි කරලම දාන්න. නැත්නම් බයියෝ හිතනවා මේ ආණ්ඩුවෙන් තමයි ඔය ටික අරන් තියන්නේ කියලා.
ණය පාලනය පිළිබඳ රජයට හරි අවබෝධයක් නැහැ වගේ...
ෆයිරූස් වගේ අයටත් තේරෙන්නේ නැහැ. ණය මහා පරිමාණයෙන් අරගෙන මුකුත්ම සංවර්ධනයක් නොකළ ආණ්ඩුව කයිතන්ගේ ආණ්ඩුව බව.
මහ බැන්කුව මන්කොල්ල කෑවා. හිටපු දූෂිත දේශපාලුවෝ සැහෙන්න ගසා කෑවා. දූශිත පවුල් පාලනේ අය පුලුවන් තරම් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කෙරුවා. සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ කියලා වරදකරුවන් වෙච්චි .රටම විනාස කෙරුවා මදිවට ලොකු පොලියකට ණය අරගත්තා. පින් ජනපතියා උපදේසකයෝ තිස් ගාණක් තියාගෙන කරපු දෙයක් නැහැ. ජනතා බදු මුදල් කාබාසීනියා කෙරුවා.. හිටපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ කරපු හරිය තමා?..