
ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව,මාතලේ,නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම ප්‍රදේශවලට ඇතැම් විට මිලි මීටර් 59ක පමණ තරමක තද වැසි ඇති වේ. උතුරු පළාතෙත් මහනුවර , අනුරාධුපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ.
සබරගමුව පළාතෙත් ගාල්ල,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැති ඇති වේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්,උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට , මොනරාගල, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටි විට තරමක තද සුළං ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් තත්වයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd