(රෝහණ සමරවීර)

ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ උඩවලව කොළඹගෙආර ප්‍රදේශයේ දී  පෞද්ගලික  බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි උඩවලව පොලිසිය කියයි.

මිගගොස් ඇත්තේ ගම්පහ නිට්ටඹුව ගල්වලහේන ශ්‍රී ශාඛ්‍යාමුනින්දාරාම විහාරස්ථානයේ වැඩ විසූ සෝමානන්ද නැමැති හිමි නම හා එම ප්‍රදේශයේම පදිංචි පූර්ණ සචිත් හේමකුමාර නැමැති දහහත් හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

අනතුරට පත් බස් රථය කොළඹ සිට ඇඹිලිපිටිය දෙසට පැමිනෙමින් සිට ඇති අතර එදින පෙරවරු 3.00 පමණ එම ප්‍රදේශය පසු කරමින් ඇඹිලිපිටිය දෙසට ගමන් කරමින් සිට ඇති බවත් ත්‍රිරෝද රථය බුත්තල ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ගමන් කරමින් සිට ඇති බව පොලිසිය සදහන් කරයි.