පුරවැසි සංවිධාන එකමුතුවේ සහාය සජිත්ට
‘‘සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරන්නට අපි තීරණය කර තිබෙනවා. ඒ ගැන මීට පෙරත් අපි කිව්වා. 2015 දී අපි යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය ලබාදුන්නා. ඒ ආණ්ඩුව හදාගෙන අපි යන්න බලාපොරොත්තු වුණ ඉලක්ක බොහොමයි. ඒත් ආණ්ඩුවට ආණ්ඩුවේ ඉලක්කවලටවත්, ජනාධිපතිට ජනාධිපතිගේ ඉලක්කවලටවත්, පුරවැසියන් ලෙස අපට අපේ ඉලක්කවලටත් මේ පාලන කාලය තුළ යන්න බැරි වුණා යයි පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (08) පැවසීය.