ලංකාවට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ ශරියා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (17) පැවැසීය. 17 May 2019
සමාජ මාධ්‍ය තහනම ඉවතට ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව තීරණය කර තිබේ. 17 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වරද්දාගනී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්කා වේ. 17 May 2019
ජමාත් හිතවතුන් දෙදෙනාම රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග ජාතික තව්හීත් ජමාත් සංවිධානය හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා පැය 72 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරිමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද අල්විස් මහතා හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අද (17) නියෝග කළේය. 17 May 2019
මැදමුලන නඩුව ගැන නීතිපති අවසන් තීරණය ගෙන නැතැයි අධිකරණයට දන්වයි වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගයට නොගැනීමට දෙපාර්ශව අතර ඇති වූ එකඟතාවය තවදුරටත් පවත්වා ගෙන යනවාද නැද්ද පිළිබඳ නීතිපති අවසන් තීරණයක් ගෙන නැතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 17 May 2019
ඉන්දීය මහ කොමසාරිස් මල්වතු - අස්ගිරි නාහිමිවරුන් බැහැදකී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අද (17) ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ආශීර්වාද ලබාගත්තේය. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහ කොමසාරිස්වරයා පිළිගන්නා ලදී. 17 May 2019
අයිඑස් ත්රස්තයන්ට විරෝධය පා මුස්ලිම්වරු පාරට බසිති අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ. 17 May 2019
මඩාටුගමින් ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් හමුවේ කැකිරාව, මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පාලමක් අසළ සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් සහ යුද හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමක් ආරක්ෂකඅංශ විසින් අද (17) සොයා ගෙන ඇත. 17 May 2019
තඹ කම්හලේ සිද්ධියේ 10වන සැකකරු යළි රිමාන්ඩ් තඹ කර්මාන්තශාලාවේ සිද්ධියට අදාළ 10 වන සැකකරු වූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුපයියා රාංකේන්ජන් හෙවත් අබ්දුල්ලා නමැත්තා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(17) නියෝග කළේය. 17 May 2019
ෂරියා සරසවියට ගිය මාධ්‍යවේදීන් පැය 3ක් දොරටුව ළඟ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයේ රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ඊට ඇතුළත්වීමට ඉඩනොදීම නිසා ප්‍රධාන දොරටුව අසළ පැය කිහිපයක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවිය. 17 May 2019
බෝම්බකරුට අයත් තඹ කම්හලේ තවත් අයෙක් රිමාන්ඩ් මරාගෙන මැරෙන බෝම්බකරුවක් වූ මොහොමඩ් ඉන්සාක් නම් ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවය කළ තවත් පුද්ගලයකු වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(17) නියෝග කළේය. 17 May 2019
නල්ලූර් කෝවිලේ ආරක්ෂාව තර කෙරේ යාපනය නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් අද(17) කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ කියයි. 17 May 2019
ඇමෙරිකාවේ ප්‍රහාර කරන්න සැලසුම් කළ අයෙක් අධිකරණයෙන් වරදකරු කරයි ඇමෙරිකාව තුළ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ චෝදනාවකට ලක්ව සිටි පුද්ගලයකු ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් වරදකරුවකු කරනු ලැබිණි. 17 May 2019
ජමාත් සමඟ සබඳතා පැවැත්වූ විදුහල්පතිවරයකු - ගුරුවරයකු අත්අඩංගුවට ඉකුත් 21 දා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය බෝම්බකරුවෙක් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු බව කියන හොරොව්පොතාන වීරසොලෙ විදුහලේ විදුහල්පතිවරයා සහ හොරොව්පොතාන ඇටවීරවැව විදුහලේ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 17 May 2019
තිලක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා හමුවිය. 17 May 2019
සහරාන්ගේ පුහුණු තිප්පොළක් අරුප්පලින් අල්ලයි ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයින් පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ බව කියන මහනුවර, අරුප්පල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ආරක්ෂක අංශ විසින් ඊයේ (16) සොයාගනු ලැබීය. 17 May 2019
මන්ත්‍රී විශ්‍රාම වැටුප 15,000 කින් නංවන්න කැබිනට් යෝජනාවක් සියලුම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන්ට තවත් රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ. 17 May 2019
කල්පිටියේ ඩ්‍රෝන කැමරාවක් සැරිසරයි කල්පිටිය අහසේ අද(17) අලුයම 1.00ට පමණ ඩ්‍රෝන කැමරාවක් බදු සැකකටයුතු යානාවක් සැරිසැරූ බවත්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුවත් කළ බවත් පුත්තලම පොලිසිය පවසයි. 17 May 2019
අයිසීස් ත්රස්තයන් නවදෙනෙකු ඝාතනය කෙරේ පකිස්ථාන ආරක්ෂක අංශ විසින් නිරිතදිග ක්වෙටාහිදී අයිසීස් ත්රස්තවාදීන් නවදෙනෙකු ඝාතනය කර ඇත. 16 May 2019
ජාතික වෙසක් උත්සවය සමරන්න සියල්ල සූදානම් මෙවර ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේදී හෙට (17) ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කර අවසන් බව බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (16) පැවසීය. 16 May 2019
මධුෂ් සඟවා තිබූ ආයුධ වැලිවේරියෙන් සොයාගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ දී අද (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 16 May 2019
හැඳුනුම්පත් දෙකක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් එම කාර්යාලයට පැමිණි කාන්තාවක් සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක් සොයා ගෙන ඇති බව පුත්තලම පොලිසිය කියයි. 16 May 2019
‘‘පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න නොහැකි වූයේ අගමැතිගෙත් - ජනපතිගෙත් වරදින්‘‘ ප්‍රහාරය එල්ල වන්නේ කවදාද කවුරුන් විසින්ද කෙසේද යනාදි තොරතුරු සියල්ල ලැබී තිබියදී අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ අගමැතිගේත්, ජනාධිපතිගේත් වරදින් බවත් ඒ නිසා මේ ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන් ඔවුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 16 May 2019
ඇමැති රිෂාඩ් හමුදාපතිගෙන් උදව් ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමාගෙන් අවස්ථා දෙකකදී කරුණු විමසා උදව්වක් ඉල්ලු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (16) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 16 May 2019
තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ අයෙක් සීඩී 30 ක් සමඟ අත්අඩංගුවට ශ්‍රී ලංකා තවුහීත් ජමාත් සංවිධානයේ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී. පට) 30ක් සමඟ සැකපිට මාතලේ රෝහලේ කනිෂ්ඨ සේවකයකු අද (16) අත්අඩංගුවට ගත් බව මාතලේ රෝහල් පොලිසිය කියයි. 16 May 2019
බෝම්බයක් පුපුරණ බවට ඇමතුමක් දුන් ජපුර සිසුවා රිමාන්ඩ් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට උප කුලපතිවරයාට නිර්නාමික දුරකතන ඇමතුමක් ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සරසවි සිසුවා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් හරිස් පැල්පොල මහතා නියෝග කළේය. 16 May 2019
වැලිගම නගරාධිපතිට එරෙහිව විනය පියවර ගන්නැයි ඉල්ලීමක් පක්ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් වැලිගම නගරාධිපති රොහාන් විජේරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නැයි නගරාධිපතිවරුන් ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 16 May 2019
ජාතිවාදී කඩාකප්පල්කාරී ක්‍රියා කුමන්ත්‍රණයක් පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් දින 21 කට පසුව ඇති වූ ජාතිවාදී කඩාකප්පල්කාරී ක්‍රියා පිටුපස සැළසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බවට සැක මතුවන බව කතානායක කරූ ජයසුරිය මහතා අද (16) පැවැසීය. 16 May 2019
දුම්රිය බහාලුම් ප්‍රවාහන ගැල් 10 ක් ආනයනය කරයි දුම්රිය බහලුම් ප්‍රවාහන ගැල් 10 ක් අද (16) මෙරටට ආනයනය කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. 16 May 2019
ඖෂධ 60 ක මිල ඉහළ දමයි මීට ඉහතදී මිල අඩුකර තිබූ ඖෂධ වර්ග 60 ක මිල ඊයේ (15) රාත්‍රියේ සිට වැඩිකර තිබේ. 16 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026