අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න
රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි ප්‍රායෝගිකව පිළිගත හැකි විසඳුමක් රටට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය.