ගංජා සමඟ හිටපු පොලිස් පරීක්ෂක අත්අඩංගුවට හිටපු පොලිස් පරික්ෂකවරයෙකු සමඟ තවත් පුද්ගලයකු ගමන් කරමින් සිටි සුඛෝපභොගී මෝටර් රියක් පරික්ෂා කිරීමේදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා සමඟ මැදවච්චිය පොලිස් මාර්ග බාධකය අසළදී අද (22) සවස අත්අඩංගුවට ගෙන ඇත. 22 May 2019
මධුමාධව මිනුවන්ගොඩට ආ ජීප් රිය පොලිස් බාරයට මිනුවන්ගොඩ නගරයේ ඉකුත් 13 දින සිදු වු ප්රචණ්ඩ කි‍්‍රයා සිදුවන අතරතුර පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයේ සැරිසරූ බව කියන සුඛෝපභෝගී ජිප් රථයක් කිරිල්ලවල වෑවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 May 2019
වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම මේ මස 28 දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (22) දින නියම කළේය. 22 May 2019
අල්ලස් ගත්තැයි අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයාට ඇප කුලියාපිටිය මූලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්‍ය රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (22) නියම කළේය. 22 May 2019
කාදිනල් ෆිලෝනි හිමිපාණෝ කොච්චිකඩේ දෙව් මැදුර ආශිර්වාද කරති අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝගේ විශේෂ නියෝජිතයකු වූ වතිකානයේ අති උතුම් ප්‍රනාන්දු කාදිනල් ෆිලෝනි හිමිපාණෝ අද (22) කොටහේන, කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනකට එක්වූහ. 22 May 2019
ප්රභූන්ට යන්න මාර්ග වහන්න එපා ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොදමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත. 22 May 2019
ත්‍රස්ත ප්‍රහාරයෙන් පවුල් 344ක් විපතට පත්වෙයි පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පවුල් 344ක් විපතට පත්ව ඇති බව රජය පවසයි. 22 May 2019
හදිසි විදුලි මිලදී ගැනීමකට ඇමති මණ්ඩල අනුමැතිය විදුලිබල ක්ෂේත්රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ලබන වසරේ මැයි මාසය දක්වා බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 22 May 2019
හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරයි හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද(22) නිකුත් විය. 22 May 2019
තඹ කම්හලේ සේවකයින් 7 කට යළි උසාවි එන්නැයි නියෝග පාස්කු දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හළ වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ පුද්ගලයින් 7 දෙනකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 22 May 2019
වීදි නාම පුවරු සිංහල - දෙමළ - ඉංග්‍රීසි භාෂාවලින් පමණයි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් පමණක් ලංකාවේ සියලු වීදි නාම පුවරු සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 22 May 2019
රාජ්‍ය සේවකයන්ගේ 2,500 දීමනාව ජූලියේ සිට සියලු රාජ්‍ය සේවකයන්ට 2019 අයවැය මඟින් ගෙවීමට යෝජිත රුපියල් 2,500 ක මාසික දීමනාව ජූලි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර ඇත. 22 May 2019
කෝටි දෙකක මත්කුඩු ගෙන ගිය සැකකරුවෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 2 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 22 May 2019
’විරුසර’ වරප්රසාදලාභීන් වැඩිවෙයි ක්‍රියාන්විතයේ යෙදී සිටියදී දිවිපිදු හා අතුරුදන් වූ රණවිරුවන්ගේ යැපෙන්නන් හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් නිකුත් කළ ‘විරුසර වරප්‍රසාද’ කාඩ්පතේ දෙවැනි අදියර ලෙස එම කාලයේදී සේවය කර විශ්‍රාම ගිය සහ දැනටත් සේවය කරන රණවිරුවන් හා සිවිල් නිලධාරීන්ටද එම කාඩ්පත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 22 May 2019
වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට මාරුවක් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින්ට ඇප ලබාදීමේදී අධිකරණයට අවශ්‍ය කරුණු ඉදිරිපත් නොකළැයි චෝදනා ලැබූ වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසයට මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 22 May 2019
‘ආණ්ඩුවට-බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග පරාජය කරනවා‘ ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පැවසීය. 22 May 2019
මිනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් 32 දෙනාට ඇප මිනුවන්ගොඩ සිද්ධියෙන් පසු කළහකාරී ලෙස හැසිරීමට සැලසුම් කළැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගත් 32 දෙනාට ඇප ලබාදීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (22) නියෝග කළේය. 22 May 2019
දරුවා පාසලට ඇතුළු කරගන්නැයි උපවාසයේ යෙදුණු මව රෝහල්ගතකරයි වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කර නොගන්නා බව කියමින් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය මතට නැග මාරාන්ත උපවාසයක් ආරම්භ කළ මව අසාධ්‍ය තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට අද (22) ඇතුළත් කර ඇත. 22 May 2019
අකුණක් වැදී කරාපිටිය රෝහලේ පරිගණක පද්ධතියට හානි කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර අංශයේ රෝගීන් ලියාපදිංචි කිරීමේ අංශයට අද (22) උදෑසන අකුණක් වැදීම හේතුවෙන් එහි පරිගණක පද්ධතියට හානිවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 22 May 2019
ඇමෙරිකාව හුවාවි සමාගම අවතක්සේරු කරනවා ඇමෙරිකා එක්සත් ජනපදය සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිර කිරීමට උත්සාහ කරන බවත් ඇමෙරිකාව සිය සමාගම අවතක්සේරු කර ඇති බවත් හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පැවැසීය. 21 May 2019
වැලිගම නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 21 May 2019
‘බදියුදීන්, හිස්බුල්ලා, සාලිගේ තනතුරු අහෝසි කරන්න‘ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාත් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා හා අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් තාවකාලිකව පහකර ඔවුන්ට එරෙහිව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 21 May 2019
‘ජනපති හෝ අගමැති කිව්වොත් ඇමැතිධූරෙන් අස්වෙනවා’ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියන්නේ නම් තමා ඇමැතිධූරයෙන් ඉවත්වන බව වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අද(21) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 21 May 2019
මද්රසා පාසල් මුස්ලිම් කවුන්සිලයකට පත්කිරීමේ කෙටුම්පත ඉවතට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ මුස්ලිම් කවුන්සිලයක් පත්කර මද්රසා පාසල් එහි පාලනයට ගතයුතු බවට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා ඉදිරිපත් කළ කෙටුම්පතක් අද(21) කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංග ගැන දෙමළ ජාතික සන්ධානය දෙලොවක් අතර කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයා වෙත බාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 21 May 2019
සහරාන්ගේ ගෝලයා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ජාතික තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වූ බවට අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු වැඩිදුර පරීක්ෂණ සඳහා අද (21) ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට බාරදුන් බව පොලිසිය කියයි. 21 May 2019
ඥාණසාර හිමියන් ගැන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවයි වසර හයක සිරදඬුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අද (21) වාර්තාවක් කැඳවා ඇතැයි වාර්තා වේ. 21 May 2019
ගෝඨාගේ නඩුවේ එකඟතා බිඳෙයි වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදලින් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඊට සම්බන්ධ වන ප්රතිශෝධන පෙත්සම් විභාගය අවසන් වන තුරු පවත්වාගෙන නොයන බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඇති කර ගත් එකඟතාවට අනුව කටයුතු නොකරන බව නීතිපතිවරයා අද (21) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 21 May 2019
බෝම්බ ප්‍රහාරගැන පරීක්ෂණයක්-සුදුසු වන්දි ඉල්ලා පෙත්සම් දෙකක් නොබෝදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් දැනුම්වත් කර තිබියදීත් ඊට නිසි පියවර නොගැනීමෙන් ජනතාවගේත්, තමන්ගේත් අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද , සුදුසු වන්දි මුදල් ප්රදානය කරන ලෙසද ඉල්ලා කතෝලික පියතුමන්ලා තිදෙනෙකු සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ. 21 May 2019
බෝම්බකරුවන්ගේ ඩීඑන්ඒ සැසදේ පාස්කු ඉරිදා දින දේවස්ථාන තුනකට, තරුපහේ හෝටල් තුනකට හා තවත් ස්ථාන දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කළ සියලූ බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ සැසදෙන බවට රජයේ රස පරීක්ෂකවරයා අද (21) තහවුරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 21 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026