ඉතාලියේ පසුගිය පැය 24 තුළ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 743ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 6820කි.
මේ වනවිට ඉතාලියේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 69 176ක් බවට පත්වී ඇති අතර පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 5 249 වාර්තා වී තිබේ.
කෙසේවුවද එරට බලධාරීන් පවසන්නේ මේ වනවිට ක්‍රියාත්මක වන හුදකලා කිරීමේ දැඩි නීති රීති හමුවේ ආසාදිතයින් වාර්තා වීමේ වේගය යම් ප්‍රමාණයකින් මන්දගාමී වී ඇති බවයි.
මාර්තු මස මුලදී 50%ක් වී තිබූ රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය මේ වනවිට 8%ක් දක්වා අඩු වී ඇත.
සති දෙකකට පෙර ගත් පියවර හේතුවෙන් මෙම බලපෑම සිදුවී ඇති බව ද ඔවුහු පවසති.
( 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd