කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මියගිය ගණන චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත.
අද (25) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් මරණ 738ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට සමස්ත මරණ ගණන 3,424ක් දක්වා ඉහළ ගොස් ඇත.

ස්පාඤ්ඤය ද මේ වනවිට රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය අනුගමනය කරන අතර ඊයේ වනවිට ස්පාඤ්ඤය එම ක්‍රියාමාර්ගය අනුගමනය කර දින 11ක් ගතව තිබි.
චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් මේ වනවිට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි. ඊයේ පස්වරුව වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 6,820ක් වූ අතර චීනයෙන් වාර්තා වූ මරණ ගණන 3,285ක් විය.
ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 47,610ක් විය.
ඒ.එෆ්.පී.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම අඳුරු වලාකුළකම රිදී රේඛාවක් ඇති බව කියනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ගමන් සීමා කිරීම නිසා ලෝකයේ වායු දූෂණය අඩු වී ඇති බව සඳහන් වේ. නමුත් මෙය තාවකාලිකයි දැන් සහ ඊට පෙර චන්ද්‍රිකා රූප සංසන්දනය කිරීමේදී වෙනස දැන් දකින්න පුළුවන්. වායු දූෂණය නිහඩ මිනීමරුවෙක් (silent killer) ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ පෙනහළු පිළිකා, නියුමෝනියාව ඇතුළු ශ්වසන ආසාදන වැනි රෝග වලට තුඩු දෙන දූෂිත එළිමහන් වාතයේ ඇති සියුම් අංශු වලට නිරාවරණය වීමෙන් සෑම වසරකම මිලියන 4.2 ක් පමණ ලෝකයේ මිනිසුන් මිය යන බවයි.
සමහරවිට ඉතාලියේ ජීවත් වෙන ලංකාවේ මිනිස්සු ස්පාඤ්ඤයට පැනලා ඇති නැත්නම් කොහොමද එහෙම වෙන්නේ? මේ වනවිට කොරෝනා වෛරසය මර්දනය කරගෙන සිටින චීනයටත් හැන්ටා නමින් අලුත් වෛරසයක් රැගෙන ඉතාලියේ වෙසෙන ලාංකිකයින් පිරිසක් ගොස් ඇති බවත් දැන් එය චීනය පුරා ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවත් ආරංචියි. ඉතාලියේ ඉඳගෙන වෛරස් හදනවට වඩා වෙන වැඩක් උන්ට නැහැ. මේ තිරිසන්නුන්ව නම් මේ අලුත් වෛරසයෙන් වත් මැරෙන්නමයි ඕනා. නැත්නම් මේ ලෝකෙම විනාශයි.