ලක්ෂ 26 කොල්ලය බොරුවක්
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසිහය ලක්ෂයක මුදලක් කොල්ල කෑ බවට ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ල ව්‍යාජයක් බවත්, පැය දෙකක් තුළදී අද(10) ඔහුගේ සඟයකු සතුව තිබියදී මුදල සොයාගත් බවත් බොරලැස්ගමුව පොලිසිය කියයි.