තරංග ගුණරත්න
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය එළවළු සහන මිලට ලබාදිමට වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රුපියල් ලක්ෂ 12ක් වෙන්කල බව වැලිගම ප්‍රාදේශිය ලේකම් සුමිත් ශාන්ත මහතා පවසයි.
මෙ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධන අරමුදල යටතේ සිදුකරයි . ඒ සදහා එළවළු වර්ග නමයක් කිලෝග්‍රෑම් පහක් සහිත එළවළු බෑගයක් වෙළඳපොළේ සමාන්‍ය මිල රුපියල් 800ක් පමණ වන අතර නමුත් එම එළවළු බෑගය රුපියල් 200ක සහන මිල යටතේ ලබාදිමට නියමිතයෙ.
එය වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 5000 ක් සදහා ලබාදෙන අතර එය අදාල ග්‍රාම නිලධාරි නිලධාරීන් මගින් අදාළ නිවස වෙතම අදාල එළවළු පාර්සල් හෙට ( 26 ) දින ලබාාදීමට නියමිත බව වැලිගම ප්‍රාදේශීය ලේකම් සුමිත් ශාන්ත මහතා පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළවලු වර්ග 9ක් කිලෝ 5ක් එක විට ගෙනිච්චත් ඒවා කන්නේ කවුද? ටිකක් අවුල් වගේ, මිනිස්සු ඒ තරම් ගෙනිච්චත් ශීතකරණ පහසුකම් නැතිව සතියක් තියාගන්න පුලුවන්ද? වැඩි කොටස කුණු වෙලා වීසි කරන්නයි වෙන්නේ