එෆ්.අස්ලම්
කොරෝනා වයිරසය පැතිරීමේ අවධානම මත බදුල්ල පළාත් මහ රෝහලට අමතරව ඌව පළාතේ මූලික රෝහල් හයක් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් සූදානම් කර තිබෙන බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය රොහාන් මාපා මහතා සදහන් කලේය.
ඒ අනුව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පවතින මහියංගණය,දියතලාව සහ වැලිමඩ යන මූලික රෝහල් ත්‍රිත්වයත් මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පවතින වැල්ලවාය,බිබිල සහ සියඹලාණ්ඩුව මූලික රෝහල් ත්‍රිත්වයත් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යාථාන වශයෙන් මෙලෙස සූදානම් කර තිබෙන බවද හෙතෙම කීය.
කොරෝනා වයිරස පැතිරීම රටතුළ අවදානම් තත්වයක පැවතීම මත හදිසි අවස්ථාවක මුහුණ දීමේ විකල්පයක් වශයෙන් මෙම පියවර ගෙන තිබෙන බවත් මධ්‍යම රජයෙන් සහ ඌව පළාත් සභාවෙන් ඒ සදහා සියළු පහසුකම් සලසා දී තිබෙන බවත් හෙතෙම සදහන් කළේය.
ඌව පලාතේ ස්ථාපිත කර ඇති එකම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර යම් හෙයිකින් බදුල්ල රෝහලේ ස්ථාපිත එම මධ්‍යස්ථානයේ ආසාධිතයින් ධාරිතාව ඉක්ම ගිය අවස්ථාවකදී අළුතින් ස්ථාපිත කළ නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රයෝජනයට පීඩාවකින් තොරව ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීම මෙහි අපේක්ෂාව බවත් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
එමෙන්ම දිවයිනේ සෙසු පලාත් හා දිස්ත්‍රීක්කවලට සාපේක්ෂව ඌව පලාත හෝ බදුල්ල දිස්ත්‍රීක්කයට විරසයෙන් දැඩි අවධානමක් තවමත් නැති බවත් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් සූදානම් කළ මූලික රෝහල් 06 හි දිස්ත්‍රීක් වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෛද්‍යවරුන් ප්‍රමුඛ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් එම මධ්‍යස්ථාන සදහා පත්කර තිබෙන බවත් බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවසන් වශයෙන් සදහන් කළහ.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ඌවේ මූලික රෝහල් 6ක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරයි