(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත.
මීට අදාළ දිස්ති‍්‍රක්ක මට්ටමේ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමේ කටයුතු දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ අමැතිවරුන්ගේ හා ආණ්ඩුකාරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාවෙන් ඉල්ලන්නේ ජනාධිපති තුමාගෙන් අනේ අයත් ....හොරු නම් ...අප ඔයාට තියෙන මහත් ආදරය ...නැතිකර ගන්න එපා .....
ජනාධිපති තුමනි, ඔබතුමාට ඔබගේ සහෝදර බැසිල්ට වඩා උගත් බුද්ධිමත් ඒවගේම" අවංක '' කෙනෙක් හොයාගන්නම බැරිවුණාද...?
ඔව් ඔව් ඔය හදන්නේ එක එකා ලකුණු දාගන්න. ඉඩ දෙන්න එපා.. ඊටපස්සේ මේ කරගෙන යන වැඩේ පලක් නැහැ
ජනාධිපතිතුමනි, මෙම කර්තව්‍ය ඔබතුමාත්, යුද හමුදා විශේෂ බල ඇණිය අතරේ පමණක් තියා ගන්න එක බොහොම හොඳයි . ගම්මන්පිලල, වීරවන්සල , අභයතිස්සලා, පළාතේ ගාව ගන්න වත් එපා . ඔය සෙට් එකී ඔක්කොටොම මුක වාඩම් දමල ඉබ්බෝ දමල තියන්න . මාස ගණනකට තහංචි දමල විලංගු දමල තියන්න. නැතිනම් , සෞඛ්‍ය නිලධාරීන්, යුද හමුදා නිලදාරීන් , පොලිසිය එකතුවෙලා හරියට නායකත්වයක් ඇතිව කරන වැඩේ කාලම දමයි . එම සෑම නිලදාරියෙක්ම ජීවිතය පරදුවට තබල දරුමල්ලෝ ගෙදර දමල දහදිය පෙරාගෙන , නිදිමරලා කරන වැඩේ කාලම දමාවි .
මෙම ගොඩ මර්දනය ගෙන විශේෂඥයෝ ඉන්නේ සෞඛ්‍ය අමාත්යාංශයෙනේ...