IMG-LOGO

හදිසි අවශ්‍යතා - අපහසුතා දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක්

(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)

ඇඳිරි නීතිය පවතින කාලය තුළදී නිවෙස්වලට වී සිටින මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා දැනුම් දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.

රටේ උද්ගතවී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ඇඳිරි නිතීය පවතින කාලයේදී මහජනතාවට ඇතිවන සෞඛ්‍ය ගැටලූ , විදුලිය විසන්දිවීම්  , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දෙන ලෙසට මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මහජනතාවගෙන් ලැබෙන එවන් වූ දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් සංවේදී ව වහාම ක්‍රියාත්මක වී කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම, නිරෝධායනය වීම සඳහා නිවෙස්වලට වී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති පුද්ගලයින්ගේ නිවෙස්වල ඥාතීන් නිවෙස්වලින් පිටතට පැමිණීය හොත් ඒ සම්බන්ධයෙන් වුවද මෙම අංක වෙත දැනුම් දෙන ලෙසට ද පොලීසිය ඉල්ලීමක් කරයි.

 



අදහස් (1)

හදිසි අවශ්‍යතා - අපහසුතා දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක්

කල්පනා Wednesday, 25 March 2020 10:24 AM

ඉහලින්ම අගය කළයුතු කටයුත්තක් කියා කියන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 86 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 53 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site