IMG-LOGO

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවූ බව පවිත්‍රා කියයි

(දිල්රුක්ෂි ග්‍රේරු)

අද උදෑසන සිට මේ වනතුරු කිසිඳු කොරෝනා අසාදිතයකු හමු වී නැතැයි ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා අසාදිත සංඛ්‍යාව 102 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියයි.

අද උදෑසන සිට පෙරවරු 4.30 වන විට  කිසිදු රෝගියකු වාර්තා වී නැතැයි එහි සඳහන්ය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඇමැතිවරිය මේ බව පවසා තිබේ.

 

 



අදහස් (7)

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවූ බව පවිත්‍රා කියයි

Ruwan Wednesday, 25 March 2020 11:54 AM

දිනය තුළ PCR පරීක්ෂා කරන රෝගීන් ගානත් වැදගත්...............

:       0       5

Raveendra Wednesday, 25 March 2020 11:57 AM

අනේ අපේ මේ අප..." විත්‍රා " නගේ ඔහේගේ කට වහගන්නවද? මොකද " ඇස් වහ, කට වහ " කියල ජාතියකුත් මෙලොව තියෙනවනේ. එනිසා නැවතත් අපි කියන්නේ ඔහේගේ කට වහ ගන්නවද පින් අයිතිවෙයි. අපි සියලුම පුරවැසියන්ගේ ඔහෙලට (පට්ටියේ 225 ම) පිනට කන්න බොන්න දෙනවනේ ...

:       0       170

Rasika Pradeep Wednesday, 25 March 2020 11:58 AM

මගේ රටට දළදා සමිදු පිහිට ලැබේවා !!!!

:       0       58

රවින් Wednesday, 25 March 2020 12:03 PM

සහතික ඇත්ත. ලංකාවට තියන ලොකුම වසංගත 225ම ගෙදර යවලා. එහෙන් මෙහෙන් හැලිච්ච කෑලි ටිකත් ගෙදරම සදහටම නිරෝධායනය කලානම් කිසිම කරදරයක් නැතිව සියලු ලක් වැසියන්ට චිරාත් කාලයක් වැජඹෙන්න තිබුනා.

:       0       134

rama Wednesday, 25 March 2020 12:06 PM

දෙවි පිහිටෙන් අපේ රට ආරක්ෂා වේවා...

:       0       10

jayath Wednesday, 25 March 2020 12:11 PM

ජාතියටම සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් මේ ප‍්‍රවෘත්තිය දැක්කම ලේ, කඳුළු, දහදිය හෙලු ශ්‍රමය කැපකළ සැමටම ජයවේවා... ( නමුත් මේක කොයි මොහොතේ කණපිට පෙරලෙයිද දන්නේ නැහැ... කළු කියපු විදියට ඔහොම යන්)

:       0       23

de silva Thursday, 26 March 2020 01:51 AM

රට විනාශ කරපු පරණ ඔළුගෙඩි සෙට් එකම නැවත බලය ලබාගන්න හදනවා. ඔකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඔබතුමියට නොව නිසිලෙස උපදේශ පිළිපදිමින් ගෙදරට වෙලා ආරක්ෂාකාරීව සිටි මහා ජනතාවට සහ රෝහල් සේවක කාර්යමණ්ඩලයට, හමුදාවට , පොලිසියට . ඔබතුමියට පුළුවන් චීන්නු ඉඹින්න පමණි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 88 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 53 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site