(මහින්ද නිශ්ශංක)
අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර නිවෙස් වෙතට ගෙනෙවිත් දීමේ වැඩපිළිවෙළක් ලංකා සතොස මගින් අද (25) ආරම්භ කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.
ප්‍රථම අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 6 ක දුරක සිටින පාරිභෝගිකයන්ට අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි බවද ඉදිරියේදි එම වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදුකරන බවද ඒ මහතා පැවසීය.
රුපියල් 500 , රුපියල් 1000 සහ රුපියල් 2000 වටිනා භාණ්ඩ මෙම ක්‍රමය යටතේ ඇනවුම් කළ හැකි ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සතොස අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම් කිරීමේ හැකියාව ලබාදෙයි" මෙ සමගම නිවැරදි දුරකතන අංකයක් සහ ඔන්ලයින් ලින්ක් එකද ලබා දෙන්න,
කෝ වෙබ්සයිට් එකක්. අපේ පංසලටම ඕඩරයක් දාගන්න පුළුවන් නම් හොඳයි. දන්න පිංවතුන් ඉන්නවා නම් සතොස ආයතනයේ ඔන්ලයින් ඕඩරයක් දාගන්න පුළුවන් කොහොමද කියලා කියලා දෙන්න. තෙරුවන් සරණයි..
අන්තර්ජාලයෙ කිසිම සදහනක් සොයා ගැනිමට නැත, කරුනාකර ඔන්ලයින් ලින්ක් එක හා දුරකතන අංකයක් පල කරන්න
කරුණාකර වෙබ් අඩවි ලිපිනය (URL) පාඨකයන්ට ලබා දෙන්න.
ඔව් සිරිමා මේක බහුබූත කතාවක් . ඔන් ලයින් දෙනවලු හැබැයි ලින්ක් එක නැහැ කිලෝමීටර හය කොළඹ කොහේ ඉඳලද ? අනික මෙයාල ඊයේ කියපු කෙටි දුරකථන අංකය වැඩ නැහැ .මේ අඩුපාඩු ටික මේ අසීරු අවස්ථාවේ හදාගන්න
ෆෝන් නම්බර් එකක් දෙන්න...
අපට සිල්ලර බදු අවශ්‍යයයි.
අද දින රන්න ලංකා සසතොස ශාඛාවෙන් ගත්ත තිරිඟු පිටි කිලො එකේ පනුවොයි, ගුල්ලොයි ඒ මදිවට දුර්ගන්ධය පරිභෝජනයට නුසුදුසුයි පාරිභෝගිකයන්ට මේවද අඩු මිලට කන්න දෙන්නෙ ?