එ.ජා කාර්යාලයෙන් නිවේදනයක් ශ්‍රී ලංකාව තුළ එකමුතුව සහ ප්‍රජාවන් අතර විශ්වාසය නැවත ගොඩ නැගීමට කාලය එළැඹ ඇතැයි ද ඒ සඳහා දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සහ ප්‍රජා නායකයන් ඇතුළු සෑම සියලු දෙනාම එක්සත්ව කටයුතු කළ යුතු යැයි ද මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 May 2019
වයඹට පැනවූ ඇඳිරිනීතිය 4ට තාවකාලිකව අවසන් වයඹ පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(14) සවස 4.00ට ඉවත්කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය. 14 May 2019
මධ්‍යම පළාතේ සියලු සුරාසැල් වසා දමයි මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් අද (14) සිට තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබේ. 14 May 2019
ඇඳිරිනීතිය කඩ කළ 15 ක් අත්අඩංගුවට පොලිස් ඇඳිරිනීතිය පැවැති අවස්ථාවේදී මාරවිල පොලිස් වසමේ ප්‍රසිද්ධ ස්ථානවල සිටි 15 දෙනෙකු අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි. 14 May 2019
ඉන්දියාව කොටි සංවිධානයට පනවා තිබූ තහනම පස් වසරකින් දිගු කරයි එල්.ටී.ටී.ඊ සංවිධානය මත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. 14 May 2019
පොහොට්ටුවේ මන්ත්‍රිනී ප්‍රා. සභාවට කඩුවක් ගෙනෙයි ඉමදුව ප්‍රාදේශීය සභාව අද (14) රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරියක් කඩුවක් ඇතැතිව සභාව ඇමතීමට උත්සාහ කළ අතර එයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියන් තිදෙනා සහ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රි ටී.ජී.අරුණ මහතා දැඩි විරෝධය දැක්වීමෙන් සභාව තුළ උණුසුම් වාතාවරණයක් ඇතිවිය. 14 May 2019
අගමැතිට එරෙහිව සංඝ සම්මේලනයෙන් පැමිණිල්ලක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම පැහැර ඇති බව පවසමින් ඒ මහතාට එරෙහිව ජාතික සංඝ සම්මේලනය විසින් අද (14) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 14 May 2019
නාමල්-අමිත් අත්අඩංගුවට දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සහ මහසොහොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යන දෙදෙනා වරකාපොල සහ තෙල්දෙණිය ප්‍රදේශයන්හිදී අද ( 14 ) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 14 May 2019
‘තත්ත්වය පාලනය කරන්න උපරිම බලය යොදවනවා’ රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියයි. 14 May 2019
මිනුවන්ගොඩ කලබලයට 13 ක් අත්අඩංගුවේ මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයකට පහරදී අලාභ හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 14 May 2019
වීසා නොමැති නයිජීරියානුවෝ 4ක් අත්අඩංගුවට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයන් සිව්දෙනෙකු දෙහිවල ගුවන්පාලම අසළදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 14 May 2019
වයඹ පාසල් වහලා - තවමත් ඇඳිරි නීතිය වයඹ පළාතට පනවා ඇති ඇඳිරිනීතිය හේතුවෙන් අද ( 14) එම පළාතේ සියලු පාසල් වසා දමා තිබේ. 14 May 2019
තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. 14 May 2019
තඹ කම්හලේ සේවකයන්ට ඇප ලැබීම ගැන විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ සම්බන්ධකම් සොයයි වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට මුස්ලිම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි ද සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 13 May 2019
රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික්‍රමරත්න මහතා පැවසීය. 13 May 2019
මිනුවන්ගොඩ තත්ත්වය පාලනයට යුද හමුදාව මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට යුද හමුදාව කැඳවා තිබේ. 13 May 2019
කළු ජූලියකට නැවත ඉඩ දෙන්න එපා 1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. 13 May 2019
සාමය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින් රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා දී තිබෙන බවත්, නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. 13 May 2019
දිවයිනටම ඇඳිරිනීතිය අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 13 May 2019
සුරක්ෂා රක්ෂණාවරණයට දුන් කෝටි 243 ක් අවභාවිතා කරලා සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රජයේ අරමුදල් වලින් ලබා දී තිබූ රුපියල් මිලියන 2430ක මුදලක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අවභාවිත කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන සහකාරවරයෙකු හා උපාධිධාරී රැකියාලාභීන්ගේ වෘත්තීය සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රසාද් මාරසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් අද (13) පැවසීය. 13 May 2019
ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති. 13 May 2019
මාලිගාවත්තේ බෝම්බ පුපුරන බවට අසත්‍ය පැමිණිල්ලක් කළ අයෙකු රිමාන්ඩ් මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ බෝම්බ තුනක් පුපුරණ බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දෙමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව මාලිගාවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (13) නියෝග කළාය. 13 May 2019
ඉවසීමෙන් කටයුතු කරන්නැයි උලමා සංවිධානය මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලයි සමාජ .මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයියතුල්ලා උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. 13 May 2019
මහපොළ වංචා ගැන අහන්න විගණකාධිපතිත් කොමිසමට කැඳවයි ‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීමට ලබන 21 වැනිදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් එම කොමිසම අද (13) රජයේ විගණකාධිපතිවරයා වෙත සිතාසි නිකුත් කළේය. 13 May 2019
‘මගේ අරමුණ අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණයි‘ කතෝලික පූජා ප්රසාදිතුමකු සහ රදගුරුතුමකු වශයෙන් තමන්ගේ අරමුණ හුදෙක් අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණක් බවත් තමන්ගේ එකම දේශපාලනය වන්නේ දෙවියන් වහන්සේට හා ජනතාවට සේවය කිරීම පමණක් බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 13 May 2019
ක්‍රිකට් ආයතනයේ තීරණය අවලංගු කරන්න’යි සොයිසා අධිකරණයට යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික පන්දු යැවීමේ පුහුණුකාර තනතුරෙන් තමන් අනීවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ජාතික තලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. 13 May 2019
වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී වික්‍රමරත්න පත්කරන්න ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වැඩබලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අද (13) හිමිව තිබේ. 13 May 2019
‘ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයාගේ රටක් නොවේයයි මංගල කළ ප්‍රකාශය හෙළාදකිනවා’ ශ්‍රී ලාංකික මහා සංස්කෘතියේ වටිනාකම තේරුම්ගෙන ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි අතිඋතුම් රදගුරු හිමිපාණන් පවා පවසා සිටියදී මෙය සිංහල බෞද්ධයාගේ රටක් නොවේය යනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නායක හිමියෝ පවසති. 13 May 2019
හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ව්‍යාපාරිකයා මේ මස 24 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (13) නියම කළේය. 13 May 2019
අත්අඩංගුවට ගත් මුස්ලිම් මාධ්‍යවේදියා රිමාන්ඩ් අන්තවාදී ආගමික සංවිධානයක දේශන ඇතුළත් සංයුක්ත තැටි සන්තකයේ තබාගත්තැයි අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික මාධ්‍යවේදීයා මැයි 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.එම්.ජේ.පි.සමරසිංහ මහතා අද (13) නියෝග කළේය. 13 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026