‘‘5 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොතේ ඓතිහාසික උරුමයන් විකෘති කරලා ‘‘ පසුගිය රජය මුද්‍රණය කර ඇති පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් හඳුන්වාදීමේදී උතුරු හා නැගෙනහිර පළාත් වෙන් නොකොට එකම වර්ණයකින් වර්ණ ගන්වා තිබෙන බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජානක බෝධිනන්ද ගුණතිලක මහතා අද (25) පැවැසීය. 25 December 2019
‘‘මහින්ද රාජපක්ෂ ජනපති කිරීම අපි කළ දේශපාලන වරදක්‘‘ “මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න දිවිහිමියෙන් කටයුතු කිරීම අපි කළ දේශපාලන වරදක්” යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (25) පැවසීය. 25 December 2019
අර්තාපල් ආනයනික බද්ද අඩුකරයි ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය. 25 December 2019
‘ව්‍යවස්ථා සංශෝධන- ගැටලුකාරී අණපණත් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ගේන්නේ නැහැ‘ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාලය තුළ ව්‍යවස්ථා සංශෝධන, අර්බුධකාරී හෝ ගැටලුකාරී අණපණත් කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අධ්‍යාපන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට අද(25) පැවැසීය. 25 December 2019
පුද්ගලයකු කපා කොටා ඝාතනය කළැයි 7 දෙනෙකු අත්අඩංගුවට බණ්ඩාරවෙල දකුණු කැඹිල්ලෙවෙල අඹගහකුඹුර ප්‍රදේශයේ උත්සව ගෙදරකදී තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (25) පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය කියයි. 25 December 2019
සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් සගයා අත්අඩංගුවට වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළෙකුගේ ගෙල තුවාල කර ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව ප්‍රදේශයේදී අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෝගස්වැව පොලීසිය කියයි. 25 December 2019
රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස් රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවරගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. 25 December 2019
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ නායයාම් තවදුරටත් වර්ෂාව හේතුවෙන් ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 16 කණුව ආසන්නයේ මාර්ගය තවදුරටත් නායයමින් පවතී. 25 December 2019
ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම යාවත්කාලීන කරන්නැයි උපදෙස් ආරක්ෂිත දෝෂයක් හේතුකොටගෙන ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම වහාම යාවත්කාලීන කරගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ටුවිටර් ගිණුම් පරිශීලකයින්ට අද (25) දැනුම්දීමක් කරයි. 25 December 2019
පැහැරගත් ගිනි අවිය කැකිරාවෙන් හමුවෙයි වව්නියාව බෝගස් වැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි සෙබළකුගේ ගෙල කපා තුවාල කර, පැහැර ගත් ගිනි අවිය කැකිරාව ප්‍රදේශයෙන් අද(25) සොයාගත් බව පොලිසිය කියයි. 25 December 2019
කොළඹ-බදුල්ල මාර්ගයේ කොටසක් ගිලා බසී කොළඹ - බදුල්ල මාර්ගයේ මාමල්ගහ ප්‍රදේශයේදී මාර්ගයේ කොටසක් ගිලා බැස ඇතැයි පොලිසිය කියයි. 25 December 2019
මිරිදිය ආදෙක් හිඟුරක්ගොඩ මාළු වෙළඳසැලක ඉතා දුර්ලභ වර්ගයේ මත්සයකු වන ආදෙකු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වැව් මාළු අලෙවි කරන ස්ථානයක අලෙවිය සඳහා තබා ඇති බව එහි වෙළෙන්දෙක් පැවසීය. 25 December 2019
වව්නියාවේදී සෙබළෙකුට පහර දී ගිනි අවියත් පැහැරගෙන වව්නියාව බෝගස්වැව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබළෙකුට නාඳුනන පිරිසක් අද (25) පහරදීමෙන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහලගත කර ඇති බවට බෝගස්වැව පොලීසිය පවසයි. 25 December 2019
බස් රථවල වාදනයට සුදුසු ගීත ලැයිස්තුවක් ජනවාරියේ සිට පෞද්ගලික බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක් ලබන ජනවාරි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර තිබේ. 25 December 2019
සෝමාවතිය පුද බිමට යන මාර්ගය තවමත් වහලා පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට ඉදිරියට ස්ථාන ගණනාවක් මේ වනවිටත් ජලයෙන් යටවී පැවැතීම නිසා එහි රථවාහන ධාවනය තවදුරටත් අත්හිටුවා තිබෙන බව පුලස්තිපුර පොලීසිය කියයි. 25 December 2019
ඌරාට තැබූ වෙඩිල්ල වැරදී මිතුරා මරුට වල් ඌරන් දඩයමේ ගිය පුද්ගලයකු විසින් වල් ඌරෙකු මරා දැමීම සඳහා තබන ලද වෙඩිල්ලක් වැරැදී ගොස් සිය මිතුරාගේ හිසට වැදීමෙන් මිතුරා මරණයට පත්ව ඇති බව පොතුහැර පොලීසිය කියයි . 25 December 2019
පස්සර-බිබිල ප්‍රධාන මාර්ගය යළි යථා තත්ත්වයට බදුල්ල පස්සර හරහා බිබිල ප්‍රධාන මාර්ගයේ 19 වැනි සැතපුම් කණුව අසළ මිල්ලබැද්ද ප්‍රදේශයේ මාර්ගය තුළ සිදුව ඇති ගිලාබැසීමක් හේතුවෙන් වසා දමා තිබූ එම මාර්ගයේ ප්‍රවාහන කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා පැවසීය. 25 December 2019
ගංවතුරට මැදි වූ ගොවීන් 34 දෙනකු මුදා ගැනේ මුලතිව් , එරින්තකාඩු ප්‍රදේශයේ ගොවිතැන් සඳහා කුඹුරට ගිය ගොවීන් 34 දෙනෙකු හදිසියේ ඇති වූ ගංවතුරක් හේතුවෙන් කුඹුරු ඇති ප්‍රදේශයන්හි සිර වී සිටියදී අසල්වැසි ධීවර ගම්මානයන්හි ධීවරයින් පිරිසක් විසින් බේරාගෙන තිබේ. 25 December 2019
වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමට තීරණය කරයි සියලුම ප්‍රධාන වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමටත් එම සහල් සහනදායි මිලට ජනතාවට ලබාදීමටත් අද (24) පැවැති ජීවන වියදම් කමිටුවේදී තීරණය කර ඇත. 24 December 2019
නත්තල් ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය අද (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 24 December 2019
ජූලි මාසය වනතෙක් බස් ගාස්තු වල වැඩිවීමක් නෑ ලබන වසරේ ජූලි පළමු වැනිදා දක්වා මාස හයක කාලය සඳහා බස් ගාස්තු වැඩිවීම ලබා නොගැනීමට තීරණය කර ඇතැයි පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය. 24 December 2019
උපයනවිට ගෙවීමේ බද්ද ජනවාරි සිට ඉවත් කෙරේ උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ජනතාවට හිමිවන්නේ ලබන ජනවාරි මාසයේ පළමු වැනිදා සිට බව මුදල් අමාත්‍යාංශය කියයි. 24 December 2019
ෂෙනගන් වීසා අයදුම් කිරීමේදී ලාංකිකයන්ට යූරෝ 80 ක් ගෙවීමට සිදුවේ යුරෝපයේ රටවල් 26 කින් සමන්විත ‘ෂෙනගන් කලාපයේ’ රටවල් සඳහා වීසා සඳහා අයඳුම් කිරීමේදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට යූරෝ 80ක් (ආසන්න වශයෙන් රුපියල් 16,000ක්) ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. 24 December 2019
මහ බැංකුවේ අධිපති වැඩ අරඹයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (24) සිය රාජකාරී ඇරැඹීය. 24 December 2019
හිටපු ඇමැති රාජිත අත්අඩංගුවට ගන්න නියෝග හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර් බී නෙළුම්දෙණිය මහතා අද(24) නියෝග කර තිබේ. 24 December 2019
බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත ලබන ජනවාරි 1 වැනි දා සිට මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල වාදනය කෙරෙන ඝෝෂාකාරී සංගීතය නවතා දැමීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ. 24 December 2019
චම්පිකගේ රියදුරුගේ බිරිදගෙන් පෙත්සමක් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් , තම අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන යාම නීතිවිරෝධී බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 24 December 2019
නාය යෑමෙන්-ගං වතුරෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 4,617 ක් අවතැන් දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි සමග ඇති වූ ගං වතුර හා නායයෑම් අවදානම් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බල පා තිබූ ආපදා තත්ත්වය මේ වන විට පහව යමින් පැවතියක් පවුල් 4,617කට අයත් 15,470 දෙනෙක් තවමත් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 December 2019
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහ බැංකු අධිපති ධූරයට කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු මෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු වන දේශමාන්‍ය සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා ලෙස පත් කර ඇත. 24 December 2019
හිටපු පා. මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු ජස්ටින් ගලප්පත්ති මහතා අද(24) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. 24 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026