විනීතා එම් ගමගේ
කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ තීරණය කොට ඇත.
ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තැපැල් කාර්යාල කාර්ය මණ්ඩල හතර වැනිදා සේවයට වාර්තා නොකරන බව එම වෘත්තිය සමිති පෙරමුණ තැපැල්පතිවරයා වෙත දන්වා යවා ඇත.
කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙස දන්වා ඇතත් කිසිදු උප තැපැල් කාර්යාලයක් මේ වනතුරු විෂබීජහරණයකට ලක්කර නැති අතර බොහෝ තැපැල්කාර්යාලවලද තතත්වය එයම යැයි තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ තැපැල්පතිවරයා වෙත යවන ලද එම ලිපියේ සඳහන් වේ.
සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමට පරිසරය සකසන තුරු තැපැල් හල් විවෘත නොකිරීමට තම වෘත්තිය සමිති පෙරමුණ ඒකමතිකව තීරණය කලේ යැයි ද එම ලිපියේ සඳහන්ව ඇත.
එමෙන්ම සෞඛ්යාරක්ෂිත පරිසරයක කටයුුතු කිරීම තුල රට වැසියන්ගේ ආරක්ෂාව ද සහතික වන බවත් පලදායි සේවයක් සැපයිය හැකි වන බවත් එම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙම කරන්න එපා. එතකොට කොහොමද ඒගොල්ලෝ චන්දය තියන්නේ පොඩ්ඩක් නම්‍යශීලී වෙන්නකෝ ...
ඔන්න එතකොට නම් නියම රජයේ සේවකයෝ වුණා. කොහොම හිටියත් මාසේ අන්තිමට ගාන හරිනේ?
මෙම තීරණය හරි එකක්ද.?
මෙච්චර කල් වහලා තිබ්බ එකක් මොකට ද විෂබීජහරණය කරන්නේ ?
හරි තීරණයක්
ඔය රටවැසියන්ට තිබෙන ආදරේ කොරෝන නැති කලෙත් සේවය සපයනකොට තිබෙනවා නම් කොපමණ හොඳද ?
මේවගේ වුර්තිය සමිති නොතිබුණු හින්ද සහ මේවගේ වැඩ නොකර හින්ද තමයි චීනය, ඇමරිකාව සහ මුලු යුරෝපයම කොන්ද කඩා ගත්තේ,.
සමහර වැඩ කිරීම අනතුරුදායකයි, මේ හදිස්සිය මැතිවරණය තියාගන්න වගේ, මීට ඉස්සරත් නාමයෝජනා දෙනකොටත් හදිසි වෙලා කොරෝන වරින් අනාගත්ත,
ආණ්ඩුව මෙම මෘගයින්ට වැටුප් දීම වහාම නැවැත්විය යුතුයි. එහෙම නැත්නම් මේ අය පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. නරකද මේ අයට වැඩ වරන වෙලාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එක්ක සම්බන්ධ වී විෂබීජ හරණයට මාර්ගයක් හෙව්වනම්. මේ වෙලාව ආණ්ඩුවෙන්ම ඉල්ලලානේ. නැතිව තමනුත් රට වෙනුවෙන් පුළුවන් දෙයක් කළානම් නේද තමන් ගන්න පඩියට සාධාරණයක් වෙන්නේ???