පල්ලිවලින් ගත් කඩු - පිහි ආපසු දෙයි පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත. 06 August 2019
‘ප්‍රතිපත්තියක් ඇති ඕනෑම සන්ධානයක නායකයකුට සහය දෙනවා’ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා අදාළ නොවන බවත් අදාළ වෙන්නේ සන්ධානයක් එක්ක හරි ප්‍රතිපත්තියක් ඇතිව ආණ්ඩුවක් හදන්න පුළුවන් පුද්ගලයෙක් පමණක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය. 06 August 2019
දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට වන්දි දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහ මහනුවර දිගනදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධි වලින් පීඩාවට පත් ජනතාවට වන්දි ප්රදානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද ( 06 ) සිදු කෙරිණි. 06 August 2019
පොහොට්ටුව - අලියා හැර ශ්‍රීලනිපයට ඕනෑ තරම් විකල්ප තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ හා එජාපය හැර විකල්ප ඕන තරම් තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද (6) පැවසීය. 06 August 2019
සබරගමු සරසවිය වීඩියෝ කළ තරුණයාට ඇප සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරෙන් වීඩියෝ කළ තරුණයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (06) නියෝග කළේය. 06 August 2019
දරුවාට කිරි දෙන්න නම් කුඩු දෙන්නැයි මවක් පොලිසිය පෙරළයි මත් කුඩු ලබා දෙන්නේ නම් පමණක් දරුවාට මව් කිරි ලබා දෙන බව පවසමින්පොලිස් අත්අඩංගුවේ සිටි මවක් පොලීසිය දෙවනත් කරමින් කෑ ගෑසු පුවතක් අද (06) මින්නේරිය පෙලීසියෙන් වාර්තා විය. 06 August 2019
ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට ඇමෙරිකාවේ ටෙක්සාස්හි අගෝස්තු 4 වැනි දින සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ(05) මිය ගොස් ඇතැයි ද, ඒ අනුව ටෙක්සාස් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, පොලිසිය කියයි. 06 August 2019
‘‘දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නෑ‘‘ අද මේ රටේ දේශපාලනය, දේශපාලඥයෝ වගේම දේශපාලන පක්ෂ ජනතාවට එපා වෙලා තියෙනවා, අපිම කියනවා පාර්ලිමේන්තුවටම බෝම්බ ගහන්න ඕන 225 ම එපා කියලා. හැබැයි මේ දේශපාලනය අපිට එපා වුණාට දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා උපාධිධාරීන් හමුවේ පැවසීය. 05 August 2019
කුරුඳු පොලු නඩුව කල්යයි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වූ කුරුදු පොලු ගැටුමට අදාළ නඩුවේ සැකකරුවන් නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් මෙම නඩුව තව වසර 25 ක් වත් ගතවන තෙක් අවසන් නොවනු ඇති බවත් එම නිසා මින් ඉදිරියට අධිකරණය හමුවේ නිසි ලෙස පෙනී නොසිටින සැකකරුවන් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර නඩු විභාගය සිදු කරන බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (05) එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළ 05 August 2019
එජාප ජනපති අපේක්ෂකයා රනිල් - සජිත් එකඟතාවයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අද (05) යෝජනා විය. 05 August 2019
ගම්පහ නීතිවිරෝධී සුරාසැල් වටලන්න මෙහෙයුමක් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම නීතිවිරෝධී මත්පැන් අලෙවිසැල් වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 05 August 2019
කෙරවලපිටිය අංගනය වෙත කසළ බාරගැනීම නවත්වයි කොළඹ නගරයේ කසල බැහැර කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීම අද (05) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංස්ථාව පවසයි. 05 August 2019
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 05 August 2019
ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ 3 ක් පොලිස් දැලේ රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරක් මත ජාතික තව්පික් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලිසිය මගින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. 05 August 2019
‘‘එංගලන්තයෙන් අපද්‍රව්‍ය ගෙන්වූ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා‘‘ එංගලන්තයෙන් අපද්‍රව්‍ය මෙරටට රැගෙන ආ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹදී පැවසීය. 05 August 2019
විද්‍යා පීඨවල ගුරුවරුන් 4286කට සැප්තැම්බරයේදී පත්වීම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි අවසන් විභාගයේ ප්‍රතිඵල මත ගුරුවරුන් 4286දෙනෙකුට ලබන මාසයේදී පත්වීම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 05 August 2019
ජල බෝතල්වල වැස්මේ පොලිතින් අසුරනය තහනම් කිරීමේ තීරණයක් පානීය ජල බෝතල්වල වැස්මේ ඇති පොලිතින් අසුරනය තහනම් කරමින් නියෝගයක් පනවන බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා මහතා කොළඹදී අද(05) පැවසීය. 05 August 2019
නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුව විභාගයට දින දෙයි මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 05 August 2019
රන්ජන් නැතිව අපහාස නඩුව විභාග කරන්න අවසර මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමානායක මහතා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අපේක්ෂකයෙකු හැටියට පෙනී සිටින බැවින් ඔහු නොමැතිව , ඔහුට එරෙහිව පවරා ඇති අධිකරණ අපහාස නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අවසර ලබා දී ඇත. 05 August 2019
රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක සහ සේවකයකු අගෝස්තු 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(05) නියෝග කළාය. 05 August 2019
නුගේගොඩ ඝාතන සිද්ධියේ සැකකරුවන් 8ක් ගිනි අවි සමග අත්අඩංගුවට ඉකුත් 28 වැනි දින අලුයම නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සහ තවත් ව්‍යාපාරිකයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7දෙනෙකු සහ සැකකාරියක, ඒ සදහා යොදාගත් වාහන 5ක් සහ අවි ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 05 August 2019
අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගෙන් කෝටි 19 ක් රජයට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා රට පුරා කි‍්‍රයාත්මක කළ මෙහෙයුමේ දී මසක් තුළ අත්අඩංගුවට ගත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් කෝටි 19 ට ආසන්න මුදලක් රජයට උපයා දී ඇති බව රථවාහන පොලිසිය කියයි. 05 August 2019
කසිප්පු බී මිය ගිය ගණන 13 දක්වා ඉහළට මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ කසිප්පුපලකින් කසිප්පු බීමෙන් රෝගාතුරවූවන් අතරින් තවත් දෙදෙනෙකු අද(5 )මියගොස් ඇතැයි පොලිසිය කියයි. 05 August 2019
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තව දුරටත් මේ මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05)නියෝග කළේය. 05 August 2019
ලේඛක ශක්තික සත්කුමාරට ඇප කෙටිකතාවක් රචනා කිරීමෙන් බෞද්ධාගමට අපහාස කළ බවට චෝදනා ලැබූ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ බන්ධනාගාර ගතව සිටි ලේඛක ශක්තික සත්කුමාර ඇපමත මුදාහැරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (05) නියෝග කළාය. 05 August 2019
‘මරණ දඬුවම අහෝසි කරන්නැයි ඉදිරිපත් කළ යෝජනාව නීත්‍යනූකූල නැහැ‘ මරණ දඩුවම අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාව නීත්‍යනුකූල නොවන බවට නීතිපති වාර්තාවක් එවා ඇතැයිද එය තමන්ගේ සිතට සතුටක්වන්නේ යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද(5) දිවුලපිටියේදී පැවසීය. 05 August 2019
සහරාන්ගේ ගෝලයින් තිදෙනෙක් අගෝ 19 දක්වා රිමාන්ඩ් ජාතික තව්හීත් ජාමාත් නායක සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයින්ට පුපුරණද්‍රව්‍ය සැපයූ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට කරුණු කියමින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් තිදෙනෙකුට යළිත් අගෝස්තු 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද(05) නියම කළාය. 05 August 2019
‘විග්නේෂ්වරන්ගේ තීරණය නීතී විරෝධියි‘ දැනට විසුරුවා හැර තිබෙන උතුරු පළාත් සභාවේ නිල කාලසීමාව තුළ එම පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරින් ඉවත්කොට ඒ සඳහා අලුතින් අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීමට උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ගනු ලැබූ තීරණය නීති විරෝධී බව අභියාචනාධිකරණය අද ( 05) තීන්දු කළේය. 05 August 2019
ඇමැති රන්ජන් උසස් පෙළ ලියයි මහා මාර්ග මාර්ග සංවර්ධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද ( 05 ) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානයට පැමිණ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටියේය. 05 August 2019
විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් පවත්වා මහජන පීඩාවක් ඇති කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව නොවැම්බර් 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. 05 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026