කොරෝනා වසංගතයෙන් සිදු වූ ආර්ථික විනාශයට පිළියම් සෙවීමේ අරමුණින් ජපාන පාර්ලිමේන්තුව අද (30) ඇමෙරිකානු ඩොලර් බිලියන 240ක (ඩොලර් කෝටි 24,000ක) හදිසි අයවැයක් සම්මත කරගත්තේය.
ජපානයේ සියලු නේවාසිකයකුටම මුදල් දීමනාවක් දීමට අයවැයෙන් තීරණය වී ඇත. සෑම නිවාස ඒකකයටම මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ගත් තීරණය වෙනස් කිරීමට සිදු වූ නිසා අයැවය නැවත ලිවීමට ද සිදුවිය.
රටේ සිටින සෑම පුරවැසියකුට සහ දරුවකුටම යෙන් 100,000ක් (ඇමෙරිකානු ඩොලර් 930ක්) ලැබෙන පරිදි ගෘහ ඒකකයකට පරීක්ෂණ කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට ජපාන අග්‍රාමාත්‍යවරයා මුලින් තීරණය කර තිබිණි.
ජපානය යනු ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. අයවැයේ වටිනාකම ජපානයේ මුදලින් යෙන් ට්‍රිලියන 25.7කි. කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා අයවැයෙන් ක්‍රියාමාර්ග රැසක් ම ගෙන ඇත.
මේ මස මුලදී ජපාන අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක දැවැන්ත සහන පැකේජයක් ද නිවේදනය කළේය.
අද (28) පස්වරු 5 වනවිට ජපානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 13,965ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 425කි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ පාර්ලිමෙන්තුව රුස් කරන්න බයයි. මොකද කොරෝනා සල්ලි හම්බවෙන ඒවට මොනවද වුණේ කියලා මහජනතාව දැන ගනීවි කියලා... සුනාමි සල්ලි වලට මොනවද වුණේ කියලා මුලු රටම දන්නවනේ...
එකට අපේ අට පාස් පාර්ලිමේන්තුව.. කා -කොටා ගන්නවා ඇරෙන්න. උන් මේ රටට කරුමයක් ! 225 ම හැඳි ගෑවිලා යන්න ඕනේ
ඒ රටේ විරුද්ධ පක්ෂයක් නැද්ද? ආණ්ඩුපක්ෂයට විරුද්ධ වෙන්නේ නැත්නම් ඒ විරුද්ධ පක්ෂයෙන් වැඩක් තියෙනවද? අප නම් අත්දැක ඇත්තේ එහෙමයි...
ඉහත ලිපියෙන් පැවසෙන්නේ, ජපානයේ දැනට තිබෙන පාර්ලිමේන්තුවෙන් හදිසි අයවැයක් සම්මත වූ වගයි.
බැසිල් ජපානෙ යෙන් විසා ඇප්ලයි කරයිද දන්නේ නැහැ. රු. 5,000 බෙදනවා වගේද? යෙන් 100,000ක් (රු. 180,000 ) බෙදන්න තියනවා නම්.
අපිට මොකටද පාර්ලිමේන්තු? අපිට තියෙනවා රාජාණ්ඩුවක්. අපිට ඉන්නවා අපි කන්නේ බොන්නේ කොහොමද කියලා තීන්දු ගන්න රජවරු, අපිට ඉන්නවා අයියලා මල්ලිලා ඉන්න කැබිනට්. ඒවා පරණ කැබිනට් වගේ නෙවේ. ලෝකෙටම එකයි. අපි ඉලෙක්ශන් තියන්නේ අයියලා මල්ලිලාගේ බර්ත්ඩේ එකට. එදාට අපි ගිහින් අයියලා මල්ලිලාට ඒ අයගේ සට්ටඹින්ට ඡන්දේ දෙනවා. මේක ඇවිල්ලා ලෝකයේ අමුතු ඇටේ.