ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,962 කට අයත් 34,842 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 December 2019
වැස්සෙන් මාතලේ පවුල් 484 ක් අවතැන් දින කිහිපයක් තිස්සේ මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අද (22) උදැසන වන විට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පවුල් 484ක පුද්ගලයින් 1592 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ චමින්ද අමරවිර මහතා පැවසිය. 22 December 2019
දුන්හිඳ මාර්ගය යළි විවෘත කරයි මාර්ගයේ අනාරක්ෂිත බව නිසා දින දෙකක් වසා දමා තිබූ දුන්හිඳ දියඇල්ලට ප්‍රවේශ වන මාර්ගය අද (22) යළිත් විවෘත කළ බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය. 22 December 2019
දඹුල්ලේ අර්තාපල්-ලොකු ලූනු ජාවාරමට දැඩි නීතී කිසිදු ලියාපදිංචියකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දෙපස ගබඩා පවත්වාගෙන යන මුවාවෙන් පකිස්තාන ජාතිකයන් සමග එක්ව සිදු කරගෙන ගෙන යන අර්තාපල් සහ ලොකු ලූනු අලෙවි කිරීමේ මාෆියාවට දැඩි නීති ක්‍රියාත්මක කරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. 22 December 2019
පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගයේ නාය යාමක් සක්‍රීය වෙයි පස්සර-ලුණුගල මාර්ගයේ මිල්ලඔය පාලම අසළ නාය යාමක් සක්‍රිය වී ඇතැයි ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය . 22 December 2019
වන්දනාවේ ගිය තරුණයෙක්ට දිවියෙක් පහර දෙයි කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසකගෙන් තරුණයකුට යාල අභයභූමිය ආශ්රිත ගල්ගේ හන්දිය ප්‍රදේශයේ දී දිවියකු පහරදීමෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි. 22 December 2019
ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතාවලින් 19ක් මරුට පසුගිය දෙසැම්බර් 11වනදා පාර්ලිමේන්තුව පුරවැසි නීතිය සම්මත කළ දින සිට මේ දක්වා ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් 19දෙනකු මියගොස් ඇති බව ඉන්දිය බලධාරීහු පවසති. 22 December 2019
ජලයෙන් යටවූ මාර්ගයේ බසය ධාවනය කළ රියදුරු- කොන්දොස්තර රිමාන්ඩ් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දෙසැම්බර් 27 දක්වා බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය ඊයේ(21) නියෝග කළාය. 22 December 2019
පාඨලී බලන්න සජිත් යයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා දැනට බන්ධනාගාරගතව සිටින පාඨලී චම්පික රණවක මහතා හමුවීමට අද (21) වැඩිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය. 21 December 2019
ගලේවෙල - කැකිරාව මාර්ගයත් යටවෙයි මාතලේ දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වාර්ෂාවත් සමග අද (21) ගලේවෙල කැකිරාව මාර්ගය ප්‍රදේශ කිහිපයකින් යටවීයාම නිසා ගමනාගමනයට බාධා ඇතිවිය. 21 December 2019
පුත්තලම - අනුරාධපුර ගමනාගමනයට මී ඔය පාලම අසලින් බාධා අධික ගංවතුර තත්වයත් සමග පුත්තලම - අනුරාධපුර මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අද (21) අළුයම සිට බාධා එල්ලවෙමින් ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි. 21 December 2019
තබ්බෝවේ දේව ප්‍රතිමාවක රන් මාලයක් සොරා ගනියි තබ්බෝව ජලාශයට ආසන්නයේ පිහිටි පැරණි අයියනායක දේවාලයේ ඇති අයියනායක දේව ප්‍රතිමාවට පළඳා තිබූ රන් මාලය අද (21) කිසිවකු විසින් සොරා ගෙන ගොස් ඇති බව ජනතාව පවසයි. 21 December 2019
වර්ෂාවෙන් මොණරාගල පවුල් 587ක් අවතැන් පසුගිය දින දෙක තිස්සේ නොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා අද (21) දහවල් වනවිට පවුල් 587ක 2335 දෙනෙකු අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය. 21 December 2019
නාඋල 63ක් අවතැන් පසුගිය දින කිහිපයේ පැවති අධික වැසි තත්වය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 16 කට අයත් පුද්ගලයින් 63 දෙනෙකු අවනැත් වී ඇතැයි නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි. 21 December 2019
දින 7කට පසු ඌවට හිරු පායයි දින 7කට පසුව අද (21) උදෑසන බදුල්ල, මහියංගන ,වියලුව ඇතුළු ඌව පළාතේ ප්‍රදේශ රැසකට හිරු එළිය පතිතවූ බව බව එම ප්‍රදේශයන්හි ජනතාව පවසති . 21 December 2019
ගං වතුරට කොටුවූ 4ක් මුදාගනියි පොළොන්නරුව දිඹුලාගල මාලිගාතැන්න ප්‍රදේශයේ ගොවිපලක් සහ වී වගාව රැක ගැනිමට ගිය සිවිල් ආරක්ෂකයින් දෙදෙනෙකු සහ වී ගොවින් දෙදෙනෙකු ගං වතුරට කොටු වි සිටියදි අද (21) උදෑසන මුදා ගත් බව පොළොන්නරුව රිදි පොකුණ සිවිල් ආරක්ෂක මුලස්ථානයේ අණදෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතා පවසයි. 21 December 2019
වර්ෂාව හේතුවෙන් මාතලේ පවුල් 81ක් ආරක්ෂිත ස්ථානවලට දින තුනක සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 81ක ජනතාව මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ප්‍රධානී චමින්ද අමරවීර මහතා සඳහන් කළේය. 21 December 2019
බදුලුඔය පිටාර ගලයි බදුල්ලේ බදුලුඔය පිටාර ගලා ගංවතුර තත්වයක් ඇතිවිමට ප්‍රධාන හේතුව බදුලුඔය අවහිර කර සිදුකර ඇති අනවසර ඉදිකිරීම් බව පරිසරවේදීහු පෙන්වාදෙති . 21 December 2019
කාසල්රි - මවුස්සාකැලේ පිටාර මට්ටමට ආසන්නයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇතිබව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය. 21 December 2019
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(21) අළුයම මුදාගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 21 December 2019
රාජාංගණයේ කුඹුරු යටවෙයි රාජාංගණය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම ක්‍රමයෙන් වැඩිකිරීමත් සමග එම ජලාශයට පහළ කලාඔය දෙපස පිහිටි පහත් බිම්ද ජලයෙන් යටවෙමින් පවතී. 21 December 2019
පොතුවිල් - පානම මාර්ගයත් යටවෙයි ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් පොතුවිල් - පානම මාර්ගය අඩි 4ක් ජලයෙන් යටවී තිබේ. 21 December 2019
පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ ගමනාගමනය නතර වෙයි පොළොන්නරුවට ඇද හැලෙන වර්ෂාව සහ පරාක්‍රම සමුද්‍රයේ වාන් දෙරටු විවෘත කිරිමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමත් සමග අද (21) උදෑසන වන විට එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන් නතරකර ඇති බව පොළොන්නරුව ආපදා කලමණාකරන ඒකකය සදහන් කරයි. 21 December 2019
බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7කට නායයාමේ අවදානම් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7ක් සඳහා නායයාමේ අවදානම් රතු නිවේදන නිකුත් කර ඇති බැවින් නායයාමේ අවදානම් කලාප වල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමට විමසිලිමත් ව සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 21 December 2019
නායයාමේ අවදානමක් හේතුවෙන් 335ක් ඉවතට තද වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටරත්මලේ සහ කහගොල්ලෙ පවුල් 77ක පුද්ගලයින් 335ක් ආරක්ෂිතව ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 20 December 2019
යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත්කරගැනීමේ යෝජනාවට අනුමැතිය එක්සත් රාජධානිය ජනවාරි මස 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාවට අද (20) අනුමැතිය හිමිවිය. 20 December 2019
පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 04ක් විවෘත කෙරේ මහවැසි හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාරමට්ටම දක්වා වැඩිවීම නිසා අද(20) රාත්‍රී එහි වාන්දොරටු 10 න් 04 ක් අඩි එක බැගින් විවෘතකර අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 20 December 2019
මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යෑමේ අවදානමක් රංටැඹේ ජලාශයට පහළින් මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් අද (20) සිට මහවැලි ගඟ පරිහරණයේදී ප්‍රවේශම් වන ලෙසත් රංටැඹේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් තප්පරයට ඝණ අඩි 300ක ප්‍රමාණයක් මහවැලි ගඟට මුදාහැරීම හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යා හැකි බවත් ගඟ දෙපස හා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස රංදෙණිගල හා රංටැඹේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා දන්වා සිටියි. 20 December 2019
ආර්ථිකය ගොඩගන්න අලුත් කාර්යංශය ආර්ථීකය මෙහෙයවීම සඳහා මෙතෙක් පැවති ජාතික ආර්ථීක සභාව අහෝසි කර, ඒ වෙනුවට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යංශය නමින් නව ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 20 December 2019
කුඩා සහ මධ්‍ය පරිමාණ ණය ආපසු අයකර ගැනීම අත්හිටුවන්න කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදී තිබෙන ණය ආපසු අයකර ගැනීම අතුහිටුවන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකුවලට දැනුම් දී තිබේ. 20 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026