(එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ තල්ගස්ගොඩ රතු කුරුස සුනාමි නිවාස සංකීර්ණයේ කාන්තාවන් දසදෙනෙකු පවත්වාගෙන ගිය බූරුවා සුදු පොළක් අද (30 ) දහවල් වටලා 7 දෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි .
මේ බූරුවා සුදුපොළ වටලන අවස්ථාවේදී කාන්තාවන් තිදෙනෙකු පලා ගිය බවද පොලීසිය කියයි.
සිය සැමියන් කුලී වැඩට ගොස් සිටියදී මේ කාන්තාවන් පිරිස සැම දිනකම පාහේ සූදු කෙලියේ යෙදෙන බවට ලැබුනු තොරතුරකට අනුව කරන ලද වැටලීමේදී ඔවුන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.
මේ සැකකාරියන් හත්දෙනාම අද (30)පස්වරුවේදි පොලිස් ඇප මත මුදාහැර ඉන් අනතුරුව අධිකරනයේ වැඩ යලි ආරම්භ කරන දිනයකදි ඔවුන් අධිකරනයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්සක ජනක ගුනසේකර.අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර පුෂ්පකුමාර,උප පොලිස් පරික්ෂක හේරත් යන නිලධාරිහු මේ පිලිබදව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දහදෙනාට එන්ජීඕ එකක් පිහිටුවා ගත්තා නම් මෙය මානව අයිතිවාසිකමක් ලෙස පවත්වාගෙන යන්න තිබුනා.