(ප්‍රසන්න පත්මසිරි සහ ප්‍රසාද් රුක්මල්)
බදුල්ල විවෘත අධිකරණයේ නඩු කටයුතු වලින් නීතිඥවරුන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සුජීවන සිල්වා මහතා පැවසීය.
කොරෝනා වයිසරසය පැතිරයාමේ අවදානම හේතුවෙන්මෙ ම තීරණය ගත් බව නීතිඥ සුජීවන සිල්වා මහතා සඳහන් කළේය.
ඒ අනුව අප්‍රේල් 30 සිට මැයි 06 දින දක්වා නඩු කටයුතු වලට සහභාගිවීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.
බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ මහ සභාව රැස්වීමේදී සියලුම නීතිඥවරු විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උසාවි වැසීමට බලකිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීම පිටුපස ඉන්නේ නීතිඥ සංගමය වූවත්, ඇත්තෙන්ම විපක්‍ෂය මර්ධනය කිරීමට ගන්නා උත්සාහයකැයි සැකයක් ඇතිවේ. එහෙත් එය බොළඳ උත්සාහයකි.
ලංකාවේ නඩු අහන්නේ මිනිසෙකු වසර 500 ක් විතර ජිවත් වනවායයි සිතාගෙන. සමහර කිසිම වැදගැමම්කට නැති නඩු වලට සාක්කි ගන්න පිටරට ඉන්න අයව මෙහෙට ගෙන්නවා. කාලය සල්ලි ඒ අයගේ රස්සාවල් ගැන කිසිදු තැකිමක් නැහැ. ඒ නිසා විඩියෝ තාක්ෂනය ඔස්සේ ඇසිය හැකි නඩු ඒ ක්‍රමයට ඇසිමට දැනවත් ක්‍රියාකල යුතුයි.
පොලිසියෙන් බොරු නඩු පැටලෙව්වාම කල හැකි ක්‍රියා මාර්ගය කුමක්ද? කිසියම් කෙනෙක් තමන්ට ගැහුවයි කියලා පොලිසියේ ඇන්ට්‍රියක් දාලා බොරුවට රෝහල්ගත වෙලා වෛද්‍ය වාර්තාවක් රැගෙන ආවොත් එය බොරු බව ඔප්පු කල හැකිනම් ඒ අයට එරෙහිව එසේ බොරු වෛද්‍ය වාර්තා දුන් වෛද්‍යවරයාට, එය රැගෙන ආ කෙනොට දඩුවම් කිරිමට නිතිමය ඉඩක් තියෙනවාද?
පොලිසියෙන් බොරු නඩු පැටලෙව්වාම කල හැකි ක්‍රියා මාර්ගය කුමක්ද? කිසියම් කෙනෙක් තමන්ට ගැහුවයි කියලා පොලිසියේ ඇන්ට්‍රියක් දාලා බොරුවටරෝහල්ගත වෙලා වෛද්‍ය වාර්තාවක් රැගෙන ආවොත් එය බොරු බව ඔප්පු කල හැකිනම් ඒ අයට එරෙහිව එසේ බොරු වෛද්‍ය වාර්ථා දුන් වෛද්‍යවරයාට, එය රැගෙන ආ කෙනොට දඩුවම් කිරිමට නීතිමය ඉඩක් තියෙනවාද?