ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී රිෂී කපූර් මහතා මුම්බායිහි රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 67 වැනි වියේ පසුවිය.
1973 වසරේ බොබී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟදක්වමින් ඔහු සිය නාමය ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ සනිටුහන් කිරීමට සමත් විය.
දශක දෙකක් පුරා චිත්‍රපට ගණනාවක ප්‍රේමණීය චරිතවලින් ඔහුගේ රංගන දිවිය හැඩ වූ අතර ඉන්පසුව චරිතාංග නළුවෙකු ලෙස ද ඔහුගේ දක්ෂතා කැපී පෙනුණි.
2018 වසරේදී ඔහුට පිළිකාවක් ඇති බව හඳුනාගැනීමෙන් පසු අමෙරිකාවේ නිව්යෝක්හිදී දිගු කලක් ප්‍රතිකාර ලබා පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණ තිබුණි.
ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළීමත් සමඟ ඊයේ උදෑසන රෝහලට ඇතුළත් කළ බව ඔහුගේ සොහොයුරු රන්දීර් කපූර් ප්‍රකාශ කළේය.
1970 වසරේ දී රිෂී කපූර් සිය පියා වන රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ මේරා නාම් ජෝකර් චිත්‍රපයෙන් සිනමාවට අත්පොත් තැබීය.
(බීබීසී ඇසුරෙනි)
-226-
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිෂී කපූර් අභාවප්‍රාප්ත වෙයි
Ruhunu Thursday, 30 April 2020 08:33 AM
ඔබට නිවන් සුව ලැබෙවා...
විජිත් Thursday, 30 April 2020 09:11 AM
නිවන් සුව අත්වේවා...!!!
විජිත් Thursday, 30 April 2020 04:13 PM
නිවන් සුව පතමි...!!!