විනීතා එම් ගමගේ
කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි සිටින විගමණික ශ්‍රමිකයන්ගේ අඩුපාඩු සොයාබලා උපකාර කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ ඒ රටවල තානාපති කාර්යාලවලට අනුබද්ධ කම්කරු සුබසාධන නිලධාරින්ට උපදෙස් දී තිබේ.
මේ අනුව ඩුබායි හා උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට වියලි අාහාර ලබාදීම තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය විසින් මේ වනවිටත් සිදුකර ඇත.
ඒ අනුව එමිරේට්ස්, ඩුබායි. සාජා, රෝයල් කායිමා, අජ්මාන් වැනි ප්‍රදේශවල කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමිම නිසා අපහසුතාවයට පත්ව සිටින ශ්‍රමිකයන් හා නිති විරෝධිව රැදිසිටින ශ්‍රමිකයන්ට වියලි අාහාර ලබාදීම සිදුකර තිබේ.
එවැනි ගැටලුවලට මුහුණ පා සිටින ශ්‍රමිකයන් පිලිබඳව තවදුරටත් සොයා බලන ලෙස කම්කරු සුබසාධන නිලධාරින්ට උපදෙස් දුන් බව කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම්බසියෙන් කරන දෙයක් නෑ. මෙහෙ තියෙන සහන කියල ලාන්කික සුබසාධක සංවිධානයෙන් අපි හෑමෝටම කිව්ව , ලන්කාවෙ කෙනෙක් කරන ආහාර ද්‍රවය විකුනන කඩයකින් ඔන්ලයින් ඕඩර් කරල , එකෙ විස්තර දෙන්න කියල. එතකොට ඒ සංවිධානයෙන් ඒව මේ වගේ අසරන අයට ගිහින් දෙන්න සෙට් කරල තියෙනව. අනුන්ගෙ පානෙන් එලිය බලන එක තමයි මේ එම්බසි හෑමදාම කරේ.
අපිට වියළි ආහාර නොවෙයි ඉල්ලන්නේ...අපිවත් ලංකාවට ගෙන්න ගන්න කියලයි කියන්නේ.ඇමැතිලාගේ ,දේශපාලුවන්ගේ,කුඩු කාරයන්ගේ දරුවන්ව ,නැදයින්ව ගෙන්න ගන්න පුළුවන්. අපිව විතරක් බැහැ නේද..? අමතක කරන්න එපා අපේ නෑදැයින් ලක්ෂ ගණනක් ලංකාවේ ඉන්නේ.චන්දෙදි කොහොමත් අපේ චන්ද ආණ්ඩුවට නොදෙන්නට අපි තීරණය කරලා ඉවරයි.ඒ විතරක් නොවෙයි මිට පස්සේ අපි ලංකාවේ අපේ ගෙවල් වලට සල්ලි එවන්නේ නැහැ බැංකු හරහා. කළු කඩේ හරහා,උන්ඩියල් විදිහට සල්ලි එවපුවාම අපිට ලැබෙන කොමිස් එකත් වැඩියි.
අපි දන්නා විදිහට මෙහෙ තානාපති කාර්යාලයෙන් කරන දෙයක් නැහැ. මේ වගේ බොරු කරන නිලධාරීන් ගැන ජනාධිපතිතුමා දැනුවත් කරන්න.
තව දුරටත් බොරු කරන්නේ නැතුව - මැද හිරවෙලා ඉන්න කට්ටිය ලංකාවට ගෙන්න ගන්න වැව පිළිවෙලක් යෙදුවානම් හරි. ඔය දෙනවා කියන මල්ල ගන්න ඇදිරි නීති තියෙද්දී තානාපති කාර්යාලයට යන්නේ කොහොමද?
මම දෝහා කටාර් ඉන්නේ... contact ශ්‍රී ලංකා site. එකෙන් එක ඉල්ලීමක් කළා ලංකාවේ ඉන්න මගේ දරුපවුලට එලියට යා ගන්න විදිහක් නැහැ. පවතින ඇදිරිනීතිය නිසා පුලුවන් නම් ඒ ගැන හොයා බලන්න කියලා... කෙනෙකුට හරි කියන්නලු ග‍්‍රාමසේවකට හරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි දන්වලා උපදෙස් ගන්න කියලා... ඕක එයාල කියන්න ඕනේ නැහැ . මේ අවස්ථාවේදී ඔක්කොම ඉන්නේ අසරණ වෙලා එහෙ. අනික ඇදිරිනීතිය අස්සේ මොකවත් කරකියා ගන්න බැරිව ඉන්නේ ඔක්කොම...
මම ඩුබායි ඉන්නේ. මෙහෙ තානාපති කාර්යාල වල කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේක අමුලික බොරුවක්. එත් ලංකාවේ කට්ටිය එකතු වෙලා ලංකාවේ අයට පුළුවන් විදිහට බලනවා. තානාපති කාර්යාල වලින් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මැද පෙරදිග ඉන්න මිනිස්සු කිසිම දෙයක් රජයෙන් එල්ලන්නේ නැත්තේ අපි දන්නා නිසා අපේ රට අමාරුවෙන් කරන්නේ කියල. ඒ නිසා මේ වගේ බොරු දේවල් හොයල බලලා පල කරන්න.
ඔය කියන තානාපති කාර්යාල වහල කියල අපි හිතුවේ. මේ පට්ට පල් බොරුවක්.
තානාපතිවරු ලෙස පත්කර යවන තානාපති සේවයේ කිසිම පළපුරුද්දක් නොමැති විශ්‍රාමික හමුදා නිලධාරීන් , විශ්‍රාමික කලාකරුවන් (ගායකයන් , නළුවන් , නැට්ටුවන් ) ,විශ්‍රාමික දේශපාලකයන්ට , ඔය ප්‍රශ්න නිරාකරණය කරන්න බැහැ, ඔය වරද පසුගිය දශක 5 පමණ කාලයක පටන් පත්වුන හැම ආණ්ඩුවක්ම කලා , දැනට සති කිහිපයකට ප්‍රථම ලංකාවේ ප්‍රසිද්ධ විශ්‍රාමික ගායන සහ රංගන ශිලිපියකු මලදිවයිනේ තානාපති ලෙස පත්කර යැවුවා.., ඒකට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ස දෙපැත්තම අත ඉස්සුවා .