( පුෂ්පකුමාර ජයරත්න )
වාරියපොළ නෑටිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි නාවික හමුදා සාමාජිකයෙකුගේ පියාට සහ සොයුරාට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වාරියපොළ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි .
පහර දීමෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර තිබේ .
යාපනය නාවික හමුදා කඳවුරක සේවය කරන වාරියපොළ නෑටිය පදිංචි තම පුතුගේ සිඟිති දරුවාගේ අසනීපයකට අවශ්‍ය ඖෂධයක් රැගෙන පැමිණි අවස්ථාවෙිදි ඔවුන් කොරෝනා වෛරසය ආසාදිතයන් යැයි සැක කරමින් එම පහර දීම සිදුව ඇතැයි වාර්තා වේ .
පහරදීමට ලක්වූ පියපුතු දෙපළ ගනේවත්ත පදිංචිකරුවන් වේ .
එම නාවික හමුදා සාමාජිකයා මෑතකදී තම නිවසට පවා පැමිණ නැති බවද ඔහු කොරෝනා වයිරසය ආසාදනය වූවෙකු බවට තොරතුරු ලැබී නැති බවද පොලීසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි. මේ වගේ අමනයන් නිසා යහපත් මිනිසුන්ට ලොකු හානියක් වෙනවා.
උපරිම දඬුවම් දෙන්න....
රටක් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි අපි ගැන. අපේ මනුස්සකම් කෝ? දුකයි.
කළගුණ නොදන්නා සිංහලයා යනු මිහිපිට තිරිසනෙකි.
මේ මිනිස්සු වෙන්න බෑ. තිරිසනුන්න්ටත් අන්තයි.
මේ සිදුවීම ගිය ආණ්ඩුව කාලේ සිදු උනානම්, මොන විදිය කොමෙන්ට් වැටෙයිද කියල කල්පනා කෙරුවේ ...
තිරිසන්නු කියන එක සත්තුන්ටත් අපහාසයක්. සත්තුවත් මෙහෙම කරන්නේ නැහැ. සිංහලය ගැන ඕක තමයි ඒ කාලේ ප්‍රබාකරන් කිව්වේ. ලැජ්ජයි ඇත්තටම. මේ වගේ මිනිස්සු ඉන්නවා කියල හිතෙනකොට පුදුමාකාර හිරිකිතයක් එන්නේ...
තමන්ගේ ජාතියටම මෙහෙම සැලකිලිනම් සුලු ජාතියට කොහොම සළකයිද?
හොයලා බලන්න කට්ටිය කීදෙනෙක් මේ වැඩේට හවුල්ද කියලා. වෙනින් හේතුවක් නොමැතිනම් පමණක් වාරියපොළ රෝහලේ ඇඳන් ටිකක් හිස් කරන්න කියලා වෛද්‍යතුමාගෙන් ඉල්ලන්නකෝ. ඒ පළාතේ ඉන්නා දේශහිතෛශී ,ජාති හිතෛෂී උදවිය ඉතිරි ටික බලාගනිවී.
මුන්ට සුදුවෑන් එවන්න ඔනෙ...
කොරෝනා වසංගතය නිසා , මිනිසුන්ගෙන් ටික කාලයකට හෝ ඈත් උන පරිසටයට නව ජීවයක් ලැබුනත් , දෙපාවාගේ පිරිහීම මොනවට විදහා දැක්වුණ සිදුවීමක්.. තිරිසන් සතුන් හොඳයි මීට වඩා.
ඇතැම් මිනිසුන් මෙසේ හැසිරීමට විද්‍යාත්මක හේතුවක් ඇත. අප රට බොහෝ අවස්ථාවන් වලදී විදෙස් ආක්‍රමණ වලට ගොදුරු වූ රටකි. ඒ සෑම අවස්ථාවකදීම අපේ රටේ ගැහැනුන් ඒ ආක්‍රමණික මිනිසුන් හා එකතු වීමෙන් (කැමැත්තෙන් හෝ බලහත් කාරයෙන්) බිහිවූ දරු පරපුරට ඒ ආක්‍රමණික ජාන මුසු විය. ආක්‍රමණ වැඩි වූ තරමටම විවිධ ජාතීන්ට අයත් ජාන සහිත ලාංකීය දරුවන් බිහි විය. ඒ අතර ඒ ආක්‍රමණිකයින්ට එරෙහිව සිදුවූ සටන් වලදී සහ රට අභ්‍යන්තරයේ ඇති වූ සමහර දේශප්‍රේමී සටන් වලදී අපේ නියම හෙළ ජාන සහිත දරුවන් මරණයට පත් විය. සමහර අයට තව පරපුරක් බිහි කිරීමට අවස්තාවක් පවා අහිමි කරමින් දිවි පුදන්නට සිදු විය. මෙයින් කලවම්ව ජාන සහිත පුද්ගල ගහනය ඉහල ගියා. වත්මනෙහි වුව රට ජාතිය ගැන හැගීමෙන් යුතුව ආරක්ෂක සේවාවන් වල නිරත වන්නේ, ආරක්ෂක සේවා වල නියැලී නොසිටියත් රට ගැන හැගීමෙන් යුතුව රණ විරුවන් අගය කරමින් ක්‍රියා කරන්නේ අපේ ඒ නියම ජාන සහිත පුද්ගලයන්ය. රට ගැන හැගීමක් නැති රටට සේවය කරනා පුද්ගලයන් ගැන හැගීමක් නැති තමන් ගැනම පමණක්ම සිතා කටයුතු කරන්නේ අර කලවම් වූ ජාන සහිත පුද්ගලයන්ය.
හදවතින්ම අපි ශ‍්‍රී ලාංකිකයි කියලා මෙි වගෙ වනචාරි වැඩ කරන්න එපා. දියවන්නාවට බැන බැන උන්ගෙ කොලිටියට වැටෙන්න එපා.
නපුන්සක නෙගටිව් කොමෙන්ට්ස් කාරයින් සැහෙන ගණනක් ඉන්නවානේ.... සමාජයට හානිකර මේ මානසික රෝගීන්ගෙන් ආරක්ෂා වෙන්න.
කවුරු කළත් වැඩේ වැරදියි.