පකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායක අසාද් කයිසර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔහු පහළ මන්ත්‍රණ සභාව වන ජාතික සභාවේ කථානායකවරයා ය.
දින කිහිපයකට පෙර අගමැති ඉම්රාන් ඛාන් සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනකු හමුවූ බවත් රාමසාන් උත්සවය සැමරීම සඳහා ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සහභාගි වූ බවත් කථානායකවරයා පවසා ඇත.
කථානායකවරයා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීපතමයෙකු වන නමුත් මෙය වාර්තා වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා කොරෝනා පරීක්ෂණයට ලක්වී ඇතිදැයි හෙළිවී නොමැත.
කෙසේවුවද ඉම්රාන් ඛාන් මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිදුකරන ලද කොරෝනා වයිරස පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු කර තිබිණි.
පකිස්ථානයේ දකුණු දිග සින්ද් පළාතේ ආණ්ඩුකාර ඉම්රාන් ස්මයිල් මහතාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.
පකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 17 439ක් වාර්තා වන අතර මරණ 391ක් සිදුවී තිබේ.
රෝගීන් 4 315ක් සුවය ලබා තිබේ.
පකිස්ථානයේ මිලියන 207කට අධික ජනගහනයක් සිටින අතර දිනකට සිදුකරන්නේ පරීක්ෂණ 8 000ක පමණ ප්‍රමාණයකි.
පසුගිය දින කිහිපය තුළ පකිස්ථානයේ දෛනික රෝගී වාර්තාවීම් ඉහල ගිය අතර ඊයේ (30) එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වන 990ක් වාර්තා වී තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පකිස්ථානයේ කථානායකවරයාටත් කොරෝනා
Ratne Friday, 01 May 2020 06:30 PM
ලංකාවේ කථානායකට (හිටපු) නම් කොරෝනා වෙනුවට 'රටම විනාශ කොරෝනා' ආශාවක් බෝ වී ඇත.