දින 20 කට පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියේ පෙනී සිටිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු පීත්ත පටිය කැපීමට සහභාගි වූ අයුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබේ.
ඊයේ පැවති මෙම උත්සවයේදී ඔහුට ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවී ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම ඔහුගේ සහෝදරිය කිම් යෝ ජොන්ග් සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙකුද සහභාගි වී තිබේ.
උතුරු කොරියානු නායකයා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය අප්‍රේල් 12 වැනිදා වන අතර ඉන්පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අසතුටුදායක වූ බවට මාධ්‍ය වාර්තා පළවුණි.
උතුරු කොරියාවේ ආදි කර්තෘවරයාගේ උපන් දිනය වෙනුවෙන් පසුගිය 15 වැනිදා පැවැත්වූ උත්සවයට ද කිම් ජොන් අන් සහභාගි නොවුණි.
උතුරු කොරියාවේ විශේෂ දිනයක් ලෙස සමරන එම උත්සවයට කිම් ජොන් අන් අනිවාර්යයෙන් සහභාගි වන නමුත් මෙවර ඔහු ඊට සහභාගි නොවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
කිම් ජොන් උන් නැවත පෙනී සිටීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් මාධ්‍යවේදීන් කළ වීමසීමකදී ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ ඒ පිළිබඳ අදහස් පළකිරීමට තමාට තවමත් අවශ්‍යතාවක් නොමැති බවයි.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමෙරිකාවෙ නම් , කිම් ජ්හොන් වෙනුවෙන් හත්දවසේ දානෙත් දුන්නා.. දැන් ඇවිත් ඉන්නේ අවතාරේද .. ?
මොන ගේම ගහලා හරි මෑන්ස් ලෝකෙම අවදානය මෑන්ස් දෙසට ගන්නවා නේද? අරෙහේ ඉරාගෙන හොයනවා මෑන්ස් ට මොකද උනේ කියලා. මෙන් සුපුරුදු කට්ට කයිරාටික හිනාව දාගෙන මෑන්ස් එයාගේ ඕනේ වැඩ ටික කරගෙන යනවා. කරන්නෙම ලෝකෙට ලොක්කාට කෝචෝක් එක දාන එක නේද? " ලොවෙන් එකෙක් වෙයි එක දේකට සමත "
පව් වැඩේ වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. තමන්ගේ රටේ අච්චර 60,00ක් තරම් මිනිස්සු මැරෙත්දී, කිම් ජොන් උන් මැරිලද බලන්න ඩොලර් මිලියන් ගණනක් වියදම් කරල ඔත්තු හොයන ගුවන් යානවලුත් යැව්වලු.
පේනවනේ ඔක්කොම ලෝකයේ බුද්ධි අංශ කොර වෙලා. උන්ටත් හොයාගන්න බෑ කිම් ජෝන් ඉන්නවද, මැරිලද කියලා...
කිම් ජොන් උන් පරලොව ගියාලු. එ්ත් එයාගේ ඩමිය හදලා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න දවස් 20ක් ගත වුනේ මොකද කියලා දැන් මුළු ලොවම විපරම් කරනවා... වසර පුරාම අහසට රොකට් විදිමින් සිය බලය පෙන්වන්න හදන උතුරු කොරියාවට ඔය ඩමිය හදන්න ඔතරම් කලක් ගියේ ඇයි?
අපිට මොකද මෙයා හිටියත් නැතත්.