මැලේසියාවේ කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට ලේඛනගත වී නොමැති සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
ක්වාලාලම්පූර් නුවර ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී සංක්‍රමණිකයින් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විවිධ ස්ථානවලට ගමන් කිරීමෙන් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඔවුන් රඳවා තබා ඇතැයි පොලිසිය සඳහන් කළේය.
සංක්‍රමණිකයින් රඳවා තබන කඳවුරුවලින් ළමයින් හා අවදානමට ලක්විය හැකි පුද්ගලයින් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මැලේසියානු බලධාරීන්ට අවධාරණය කර ඇත.
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ රඳවා තබා ගැනීම් හේතුවෙන් මැලේසියාවේ කොරෝනා වෛරසය පැතිරීම වඩාත් දරුණු තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බවයි.
වැටලීම්වලදී පුද්ගලයින් සිය ගණනක් එකිනෙකාට ඉතා සමීපව පොළොවේ වාඩිවී සිටින අයුරු හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් නිකුත් කළ ඡායාරූපයකින් දැක්වුණි.
ජෝන්ස් හොප්කින්ස් විශ්විවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මැලේසියාවෙන් වාර්තා වන කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 6,176 දෙනෙකි.
වයිරසය හේතුවෙන් මේ වන විට එරටින් මරණ 103 ක් වාර්තා වී තිබේ.
(බීබීසී ඇසුරෙනි)
-226-
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා පැතිරීම වැළැක්වීමට මැලේසියාවේ සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්
JAYATH Sunday, 03 May 2020 03:14 AM
මේ හියුමන් රයිට් කාරයින්ට ඕන මිනිස්සු මැරුණත් හියුමන් රයිට් ආරක්ෂා වෙන්න.