IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අප්‍රේල් මාසයේ උද්ධමනය පහළට

අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2ක දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ වසරේ මාර්තු මාසයේදී උද්ධමනය සියයට 5.4ක් ලෙස දැක්විණි. පසුගිය වසරේ පැවැති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පූර්ණ වශයෙන් ඊට හේතු වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මගින් මතුපිට උද්ධමනය ගණනය කරයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 13.2ක් විය. ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මේ වසරේ මාර්තු මාසයේදී සියයට 2.5ක් වූ අතර එය අප්‍රේල් මාසයේදී සියයට 2.1ක් දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මාර්තු මාසයේදී සියයට 4.7 ක් ලෙස පැවැති අතර අප්‍රේල් මාසයේදී එය සියයට 4.8ක් දක්වා ඉහළ ගියේය.

ආහාර කාණ්ඩයේ අයිතමවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම හේතුවෙන් අප්‍රේල් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 0.1ක් ලෙස වාර්තා විය.

අප්‍රේල් මාසයේදී පොල්, කුළුබඩු, පොල්තෙල් සහ කරවල මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. එම මිල ඉහළ යෑම්වලින් ඇති වූ බලපෑම රජයේ මැදිහත් වීම හේතුවෙන් සමනය විය. ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රජය මැදිහත් වී සහල්, පරිප්පු, ලොකු ලූණු සහ ටින්මාළු වැනි ආහාර අයිතමවල මිල අඩු කළේය.

උත්සව සමයේදී ඇති වන ඉල්ලුමත් සමඟ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී ඉහළ යන ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්, ‘කොවිඩ්-19’ වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට වසාදැමීම නිසා පසුගිය මාසයේදී නොවෙනස්ව පැවැතුණි.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය මාර්තු මාසයේදී සියයට 2.9ක්ව පැවැතුණි. එය අප්‍රේල් මාසයේදී සියයට 3.1ක් දක්වා ඉහළ ගියේය. කෙසේ නමුත් වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය මාර්තු මාසයේදී සියයට 4.9ක් වූ අතඑ පසුගිය මාසයේදී සියයට 4.7ක් දක්වා පහළ ගියේය. එය මාස පහකදී දක්නට ලැබුණු අවම අගයයි. 

055



අදහස් (5)

අප්‍රේල් මාසයේ උද්ධමනය පහළට

sam Friday, 01 May 2020 09:01 AM

එහෙමනම් සදාකාලිකවම ඇඳිරි නීතිය දාලා තියමු. එතකොට අවුරුදු දෙකකින් උද්ධමනය සෘන අගයකට ගන්න පුළුවන් වේවි. ලෝක ඉතිහාසයේ මෙතෙක් කිසිවෙකු අත් නොවිඳි මේ වසංගතය නිසා ඇතිවන ආර්ථික බලපෑම කිසිම රටක් විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒ මොකද එයින් වෙන පාඩු හෝ ලාභ කිසිවෙකුගේ පාලනයකින් තොරව, එනම් ඒ ඒ රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති මත නොව, හදිසියේ කඩා වැටුණු මේ වසංගතය හා ඒ සමග බැඳුනු ආර්ථික ප්‍රශ්න නිසා ඇති වූවක් නිසා. ඒ උණාට අපි වෙනස් ජාතියක්නේ !

:       0       0

Lankaputha Friday, 01 May 2020 09:54 AM

මේක තේරෙන්නෑ.ජීවත් වෙන්න අමාරුයිද? ලේසිද?

:       0       14

PradeepFriday, 01 May 2020 01:39 PM

ආර්ථික විද්‍යා දැනුමක් නැති අයටත් තේරෙන්න තමයි මේවගේ පුවතක් පල කරන්න ඕන. අපිට නිකම් ග්‍රීක් වගේ.

:       0       3

Sandaru laksahan Friday, 01 May 2020 01:20 PM

මේ ආකාරයේ දිගටම රටේ උද්ධමනය අනවශ්‍ය ලෙස පහළ යෑම රටේ ආර්ථික තත්වයට හොඳ මදි...

:       0       0

Nandalal DE SILVA - France Saturday, 02 May 2020 10:38 PM

බඩුගන්න කඩේ ගියාම එලොව පොල් පේන තරමට බඩු මිල ඉහළ ගිය බව දැක්කම පාලි, සංස්කෘත වචනත් සමහරුන්ගේ කටින් පිට වෙනවා. එතකොට තමා "උද්ධමනය" වැඩිවෙලා කියලා ආර්ථිකය ගැන දන්නා උදවිය කියන්නේ... ලොක්ඩවුන් එක නිසා බොහෝ දෙනෙක් කඩවලින් බඩු මිලදී නොගෙන ලොරි වලින් ගෙනැවිත් බෙදාදෙන වට්ටක්කා තම්බා කන හෙයින් බඩු මිලදී ගැනීමක් සිදු නොවේ. කඩවලින් අහස උසේ මිලට බඩු නොගන්නා විට මොන උද්ධමනයක්ද? උද්ධමනය පහළ යනකොට තමා ආචාර්ය බන්දුල වගේ ආර්ථික ලොක්කන් ප්‍රීති ප්‍රමෝදයට පත්වන්නේත්... එයාලා රට පාලනය කරන කොට පස් දෙනෙකුගේ පවුලකට මසකට රුපියල් 2500 කින් යැපෙන්න පුළුවන් වුණා නම්, උද්ධමනය පහළට වැටුණු නිසා, දැන් ඒ මුදලින් දහ දෙනෙකුගේ පවුලක් ජීවත්වන බව එතුමාගේ මුඛයෙන්ම අපට ළඟදීම දැනගන්න පුළුවන් වේවි!!! මහා ඡන්දෙත් ලඟයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 1605 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 633 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 314 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 127 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 575 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 401 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1342 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 344 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site