‘අධිකරණයට අහිමිවූ විශ්වාසය යළි ලබාගන්න අගවිනිසුරු පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා’
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් අහිමි වූ අධිකරණ විශ්වාසය යළි ගොඩනගා ගැනීම සඳහා අගවිනිසුරුතුමන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනම් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.