‘අගරදගුරුතුමන්ගේ ඉල්ලීම අපගේ රජයක් බලයට ආ විට ඉටුකරනවා’ පාස්කු ඉරුදින සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කරන ඉල්ලීම තමන්ගේ රජයක් බලයට පත්වූවිට නොපමාව ඉටුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 August 2019
විද්‍යා විෂය මාලාව වෙනස් කරන්න පියවර පාසල් විද්‍යා විෂය මාලාව ඉදිරියේ දී වෙනස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 25 August 2019
දරු දෙදෙනාට වස පොවා පියාත් ගෙල වැලලාගනී බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු දරු දෙදෙනාට වස පොවා ස්වාමි පුරුෂයා නිවස තුළ ගෙල වැලලාගෙන අද (25) දහවල් දිවි නසා ගෙන ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 25 August 2019
තව්හීත් ජමාත් සමාජිකයෙක් මුරුතවෙලින් අත්අඩංගුවට තහනම් කරන ලද තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල ,මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 25 August 2019
උසස් අධ්‍යාපන ආයතන තුනකට නිසි බලධාරීන් පත්කෙරෙයි යාපනය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය සඳහා නිසි බලධරයින් පත්කර තිබේ. 25 August 2019
පහළ මල්වතුඔය ව්‍යාපෘතියට මුල්ගල තබයි පහළ මල්වතුඔය වාරිමාර්ග ව්‍යාපාරය යටතේ ඉදිකෙරෙන තන්තිරිමලේ ජලාශය සඳහා මුල් ගල තැබීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුවිය. 25 August 2019
‘‘ අෂරා මුබාරකා’’ ආධ්‍යාත්මික සමුළුව ලංකාවේදී ලෝකය පුරා සිටින ඩාවුදි බෝරා ප්‍රජාවේ ‘‘ අෂරා මුබාරකා’’ ආධ්‍යාත්මික සමුළුව සඳහා 21000ක බෝරා ජාතිකයින් පිරිසක් ලබන 01 වැනිදා සිට පුරා දින දහයක් කොළඹ රැදී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. 25 August 2019
ඉහළ කොත්මලේ ජලය ඉවත් කෙරේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. 25 August 2019
ගින්නකින් අත්තනගල්ලේ මුස්ලිම් පල්ලියක නේවාසිකාගාරයක් විනාශයි තිහාරිය ජුනයිඩ් මාවතේ ඉස්ලාම් පල්ලියක ඉහළ මාලයේ අද( 25) අලූයම ඇතිවූ ගින්නකින් එහි පිහිටි අධ්‍යාපන ආයතනයක නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 25 August 2019
කසල ටිපර් වලට එල්ල වූ ගල් පහරින් පොලිස් රියකටත් හානි අරුවක්කාඩු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ සඳහා ආරක්ෂාව ලබාදෙමින් ගමන් කල පොලිස් කැබ් රථයකට අද (24) ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 24 August 2019
ජල ව්‍යාපෘතියකදී කොන්ත්‍රාත්කරුවකුට කෝටි 22ක් වැඩියෙන් ගෙවලා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නැගෙනහිර කොළඹ ජල ව්‍යාපෘතියේදී කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 22ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ‘කෝප් කමිටුව‘ හමුවේ අනාවරණය විය. 23 August 2019
පාර්ලිමේන්තුවේ ලිස්සා වැටුණු ප්‍රමාණය 24ක් දක්වා ඉහළට පාර්ලිමේන්තුවේ බිම් මහලේ පිරිසිදු කිරීමේ කටයුතුවලදී වැරදි ද්‍රව්‍යයක් යොදාගැනීම නිසා ඇතිවූ ලිස්සායාමේ ස්වභාවය මේ වනතුරුත් පවතින අතර ඒ හේතුවෙන් බිම ඇද වැටුණු සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 23 August 2019
‘‘31 ට පෙර නව සන්ධානය පිහිටුවනවා‘‘ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම සහ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 31 වැනිදාට පෙර සිදුකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය. 23 August 2019
‘මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් සෞභාග්‍යමත් ලංකාවක් හදනවා’ “තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාතර දී අද (23) පැවසීය. 23 August 2019
පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන් අවුරුද්දකින් නිමවිය යුතු ඉදිකිරිමක් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මධ්‍යම කාර්යාංශය හැර අනෙකුත් රජයේ ඉදිකිරීම් ආයතනවලට බාරදුන්නොත් එය අවසන් කරන්නේ අවුරුදු දහයකින්. පෞද්ගලික ඉදිකිරිම් සමාගම් රාජ්‍ය අංශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පැවසීය. 23 August 2019
‘‘සජිත්ව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනවා‘‘ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථීරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි සතියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (23) මාතර දී පැවසීය. 23 August 2019
හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කරයි මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කළේය. 23 August 2019
අගමැති ලේකම්ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම කොමිසන් සභාව විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත. 23 August 2019
ජනපතිගේ අයැදුම්පත පිළිබඳ තීන්දුව ඉදිරියේදී ජනපති වෙතටම සීමා නිර්ණය කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ජනාධිපති වෙත දන්වා යවන බව අද (23) නිවේදනය කළේය. 23 August 2019
බිරිඳට රීප්ප පටියකින් පහරදී ඝාතනය කළ අයෙක්ට මරණ දඬුවම සිය බිරිඳට රීප්ප පටියකින් පහර දී ඝාතනය කළ තිදරු පියකුට අද (23) පුත්තලම මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා මරණීය දණ්ඩනය නියම කළේය. 23 August 2019
විදුලිබල ලේකම් කෝප් කමිටුව මගහරී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ අද (23) පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැනුම් දී තිබියදීත් ඔහු එය මගහැර විදේශ ගතවී ඇති බව එම කමිටුවේදී අනාවරණය විය. 23 August 2019
අත්අඩංගුවට ගත් බුද්ධි නිලධරයා රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර් චාමක සුමිත් කුමාර ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (23) නියෝග කළේය. 23 August 2019
යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා මේජර් ජනරාල් සත්‍යප්‍රිය ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා පත්කර තිබේ. 23 August 2019
සංවර්ධිත දේශයක් නිර්මාණය ඒකායන අරමුණ බව සජිත් කියයි එදා දුටුගැමුණු රජ සමයේ දී මුළු රටම එක්සේසත් කළා මෙන් අභිමානවත් සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීම තම ඒකායන අරමුණ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය. 23 August 2019
පාතාල සාමාජිකයන් දෙදෙනෙකු සොයන්න මහජන සහය පතයි වත්තල ශ්‍රී සම්රිබිෂන් අයියප්පන් දේවාලය ඉදිරිපිටදී ඉකුත් ජනවාරි 13 වැනි දින ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි. 23 August 2019
ඇවන්ගාඩ් සැකකරුවන් 4ක් තවදුරටත් රිමාන්ඩ් ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ 4, 5, 6 සහ 7 වන සැකකරුවන් තවදුරටත් ලබන මස 6 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද(23) නියෝග කළාය. 23 August 2019
ඇල්ල රොක් ගින්න සම්පුර්ණයෙන් නිවයි ඇල්ල අභය භූමියට ඉහළින් ‘ඇල්ල රොක්’ රක්ෂිතයේ දින දෙකක් පුරා පැතිර යමින් තිබූ ගින්න අද (23) සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් අධ්යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර මහතා පැවසීය. 23 August 2019
රජයේ ඉඩමක් බලෙන් අත්පත් කරගන්න හැදූ 39 ක් අත්අඩංගුවට මින්නේරිය සී.පී පුර ග්‍රාමසේවා වසමේ කටුකැලියාව ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ගිය පුද්ගලයින් 39 මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 23 August 2019
නවක වදයදුන්නැයි ලක්ෂ හයක වන්දියක් නියම වෙයි ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පීඨයේම ඉගෙනුම ලබන පස් දෙනකුට, වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනි පතිරණ මහත්මිය අද (23) නියම කළාය. 23 August 2019
රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද අලී සබ්රි මවුලානා මහතා ප්‍රාථමික කාර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (23) දහවල් යළි දිවුරුම් දුන්හ. 23 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026