නිකවැරටියේ දී පහරකෑමට ලක්වූ දැරිය හෙට අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට නිකවැරටියේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක්වූ දහතුන් හැවිරිදි දැරිය කුරුණෑගල රෝහලේ දී හෙට (07) විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුගේ පරීක්ෂාවට ලක්කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ලංකාදීපයට අද (06) පැවසීය. 06 January 2020
නව මැනිං වෙළඳ සංකීර්ණයේ කටයුතු කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස් පෑලියගොඩ නගරයේ ඉදිකරමින් පවතින නව තොග සහ සිල්ලර එළවළු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත. 06 January 2020
‘ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන අයට නීති පියවර ගන්න රජයට බැහැ’ නව මිල සංශෝධනය යටතේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජයට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද(06) පැවසීය. 06 January 2020
ආගන්තුක ශාක වලාකුළු වනාන්තර ආක්‍රමණය කරයි මධ්‍යම කඳුකරයේ වළාකුළු වනාන්තරවල කුරු පඳුරු සීඝ්රයෙන් මියැදෙමින් ඇතැයි හෙළි වී තිබේ. 06 January 2020
පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි-8 ක් මරුට පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි. 06 January 2020
බෙරගල ප්‍රදේශයේ ගින්නක් බෙරගල වැල්ලවාය මාර්ගයේ පහළ විහාරගල ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇති වී තිබේ. 06 January 2020
‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමේ’ ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ වීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමට ලක්වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ දී අද (6) පැවැසීය. 06 January 2020
තට්ටුව පහත් බස් රථ 2,000ක් දැනට භාවිත වන බස්රථ වෙනුවට පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) ගෙන්වීමට මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. 06 January 2020
ඕස්ට්‍රේලියාවට වැසි ඇද හැලෙයි ලැව්ගිනිවලින් විනාශ වූ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි ඇදහැලීම ආරම්භ වී ඇත. 06 January 2020
දෙමළ සන්ධානයට එරෙහිව නව බලවේගයක් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එම සන්ධානයෙන් ඉවත්ව ගිය පාර්ශව රැසක් එක්ව දෙමළ එක්සත් පෙරමුණ නමින් විකල්ප බලවේගයක් පිහිටුවාගෙන සිටින බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය. 06 January 2020
ඉන්දියාවෙන් ගෙනා දුම්රිය එන්ජින් ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් ඉන්දියාවෙන් ආනයනය කළ එච් -11 වර්ගයේ දුම්රිය එන්ජින් ධාවනයේදී දෝෂ සහ ගැටලු තිබේද යන්න සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. 06 January 2020
රියදුරු බලපත් සඳහා වෛද්‍ය වාර්තා ගන්න නව කාර්යාල තුනක් රියදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ලබාගන්නා මහජනතාවගේ පහසුව වෙනුවෙන් මීගමුව, දඹුල්ල හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල තුනක් පිහිටුවීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබේ. 06 January 2020
අත්අඩංගුවට ගත් ලාංකිකයන් 7 ගැන නයිජීරියාව සමඟ සාකච්ඡා නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගනිමින් ඉන්ධන ජාවාරමක නිරතව සිටියදී නයිජීරියා පොලිස් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 7 දෙනා සම්බන්ධයෙන් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට රජයට සමඟ සාකච්ඡා කරන බව එම මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී. 06 January 2020
මැදපෙරදිග උණුසුම හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා මියයෑමෙන් පසු උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට හිමිවෙයි. 06 January 2020
රූමි මොහොමඩ් ඇතුළු තිදෙනාට ඇප රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා රූමි මෙහොමඩ් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා, ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(06) නියෝග කළාය. 06 January 2020
රංජන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසියේ හැසිරීම ගැන අප්‍රසාදය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමේදී පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය. 06 January 2020
බඩඉරිඟු-රටකජු ආනයනය නවතී බඩ ඉරිඟු සහ රටකජු ආනයනය කිරිම ජනවාරි 1 දා සිට අත්හිටුවිමට රජය පියවර ගත් බව වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අද (6) පැවසීය. 06 January 2020
විශේෂ ගණයේ අපරාධකරුවන් අධිකරණයට ගේන්න එස්.ටී.එෆ් ආරක්ෂාව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සැකකරුවන් කොළඹ ඇතුළු තදාසන්න අධිකරණවෙත ඉදිරිපත් කිරීමට ආරක්ෂාව සැලසීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 06 January 2020
දැරියට පහරදීමේ පැමිණිල්ල බාර නොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. 06 January 2020
‘රූමි මොහොමඩ්‘ වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි මහෙස්ත්‍රාත් අසයි රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වන රූමි මෙහොමඩ් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් කරුණු විමසුවාය. 06 January 2020
පාඨලීගේ රියදුරුට ඇප රිය අනතුරක් සිදුකළැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වූ තුසිත දිලුම් කුමාර රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (6) නියෝග කළාය. 06 January 2020
හේමසිරි - පූජිත් 20 තෙක් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය. 06 January 2020
මන්දකට හසුකර දිවියා මැරූ තිදෙනෙක් අත්අඩංගුවට උඩවලව ජාතික උද්‍යානයේ ජීවත්වූ දිවියෙකු මන්දකට හසුකර මරාදැමී යැයි සැකපිට හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනෙකු අද (6) වැඩිදුර විමර්ශන සඳහා සෙවනගල පොලීසියට බාරදෙනු ලැබීය. 06 January 2020
අකුරැස්ස පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු අධිකරණයට රැගෙන යාමට සූදානම්ව සිටියදී පලායාම සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මාතර පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 06 January 2020
පොලිස් පරීක්ෂක නිශාන්ත ස්විස් රටට පැන යෑම: විශේෂ විමර්ශනයක් අරඹයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන ස්විට්සර්ලන්තයට පැනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 06 January 2020
ගම් හදන්න මන්ත්‍රීන්ට කෝටි දෙක බැගින් දීලා අය - වැය ලේඛනයක් සම්මත වනතෙක් මහා පරිමාණ ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නොකරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ‘ලංකාදීප’යට පැවසීය. 06 January 2020
ලිබියාවේ හමුදා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 33 ක් මරුට ලිබියාවේ අගනුවර ට්‍රිපොලි හි හමුදා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 33 දෙනකු පමණ මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. 05 January 2020
විදේශීය හමුදා භටයින් නෙරපා හරින්නැයි ඉරාක මන්ත්‍රීවරු ඉල්ලති ඇමෙරිකානු හමුදා ඇතුළු විදෙස් හමුදා රටින් පිට කිරීමට ආණ්ඩුවට බල කරමින් ඉරාක පාර්ලිමේන්තුවේදී අද (5) යෝජනාවක් සම්මත කරගත්තේය. 05 January 2020
පාසල් බෑග් - පොත්පත් විකිණීමේ ව්‍යාපාර ගැන පැමිණිලි පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය ඔවුන් ඉගෙන ගන්නා පාසල් වලින්ම මිලදී ගැනීමට බල කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට සහ ගුරු සංගම් වලට පැමිණිලි ලැබී තිබේ . 05 January 2020
ඉරාක විදේශ අමාත්‍යාංශය ඇමෙරිකා තානාපති කැඳවයි ඉරාක විදේශ කටයුතු අමාත්‍යාංශය එරට සිටින ඇමෙරිකා එක්සත් ජනපද තානාපති මැතිව් ටියුලර් කැඳවා තිබේ. 05 January 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026