IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


හයිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහායට කියුබානු වෛද්‍ය කණ්ඩායමක්

( තිළිණි ද සිල්වා )

හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100 දෙනෙකුගේ  වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යවා තිබේ.

හයිටියේ ඇඟලුම් අංශයේ සේවය කරන 100 කට අධික සේවානියුක්තිකයින්ට සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කරන ලද හදිසි ඉල්ලීම මත, පස් දෙනෙකුගෙන් යුත් මෙම වෛද්‍ය කණ්ඩායම කියුබානු බලධාරීන් විසින් පිටත් කරනු ලැබිණී.

ඉකුත් 7 වැනි දින හයිටිය වෙත පැමිණි මෙම වෛද්‍ය කණ්ඩායම, කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම, නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සහ අවශ්‍යතා ඇති අයට ප්‍රාථමික ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකික සේවකයින්ට උපදෙස් ලබා දුන්නේය.

වෛද්‍ය කණ්ඩායමක් යැවීමට  කටයුතු කිරීමට සම්බන්ධයෙන්  විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කළේය. විදේශ අමාත්‍යංශයේ දී කියුබානු තානාපති ජුවානා එලේනා රමෝස් රොඩ්‍රිගුස් මැතිනිය සමඟ පැවති සාකච්ඡාවක දී විදේශ අමාත්‍යවරයා මෙම ස්තූතිය පළ කළේය.

කියුබාවේ සහ කැරිබියානු කලාපයේ පවතින තත්ත්වයන්, කැරිබියානු ප්‍රජාවේ (CARICOM) ක්‍රියාකාරකම් මෙන්ම, කියුබාව සහ යුරෝපීය හා ආසියානු කලාප අතර සම්බන්ධතාවය පිළිබඳව ද කියුබානු තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළාය.

 



අදහස් (2)

හයිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහායට කියුබානු වෛද්‍ය කණ්ඩායමක්

අරවින්ද ගුණවර්ධන Wednesday, 13 May 2020 08:41 AM

කියුබාව දිනේවා...!!!

:       0       0

Anura Wednesday, 13 May 2020 11:50 AM

දැන් ඉතින් 3% උඩ පනී. ඇයි කියුබාවනේ. කොහොම වුණත් මෙය අගේ කළ යුත්තක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site